ලෙඩ­දුක්, ග්‍රහ පීඩා ඇතුළු සියලු දොස් නසන ඉති­පිසෝ ගාථාවේ අනු­හස් | Page 2 | සිළුමිණ

ලෙඩ­දුක්, ග්‍රහ පීඩා ඇතුළු සියලු දොස් නසන ඉති­පිසෝ ගාථාවේ අනු­හස්

වාරි­ය­පොල කොළ­ඹ­ගම 
ශ්‍රී මියු­ගු­ණා­රාම රාජ­මහා විහා­රා­ධි­කාරී ආචාර්ය 
පූජ්‍ය­පාද ගල්ලැ­හැ­පි­ටියේ පේම­ර­තන ස්වාමීන් වහන්සේ (කොළ­ඹ­ගම පොඩි හාමු­දු­රුවෝ)

භාග්‍ය­වත් බුදු පියා­ණ­න්ව­හ­න්සේගේ අනන්ත වූ අප්‍ර­මාණ වූ බුදු ගුණය සහ බලය ඒකාන්ත වශ­යෙන්ම සත්‍ය­යයි;විද්‍යා­මා­නයි:මහා­නු­භාව සම්ප­න්නයි. එබැ­වින් ඔබගේ යහ­පත සඳහා නිතර භාවිත කර අප­මණ පිහිට ලබා­ගත හැකි තවත් ප්‍රබල එහෙත් සරල පූජා විදි­යක් පිළි­බ­ඳයි මෙවර දැනු­ම්වත් කිරීම.

සක්වල පුරා බුදු­ගුණ ආඥාව පැතිර පවති අතර ඒ උතුම් බුදු­ගුණ ඉක්මවා යන්නට මුළු තුන් ලොව කිසි­ව­කු­ටත් බැහැ. බුදු­ගුණ සත්‍යය බවට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්න­යම සාක්ෂි දර­නවා.
අනන්ත වූ අප්‍ර­මාණ වූ මේ බුදු­ගුණ සියල්ල එක්තැන් වූ මහා­නු­භාව සම්පන්න ගාථාව ඉති­පිසෝ ගාථා­වයි.

ඒ උතුම් වසං­ගත රෝග තත්ත්ව­යන් සම­න­ය­ටත් විවිධ පීඩා­කාරී තත්ත්ව­යන් සම­න­ය­ටත් මෙම බුදු ගුණ බලය අති­ශ­යින් ප්‍රයෝ­ජ­න­වත්.

ඔබේ ග්‍රහ පීඩා,කාය චිත්ත පීඩා පහත් පෙළේ බල­වේ­ග­ව­ලින් සිදු වෙන පීඩා අවම කර­ගත හැකිය. වසං­ගත රෝග තත්ත්ව­යන් සම­න­ය­ටත් විවිධ පීඩා­කාරී තත්ත්ව­යන් සම­න­ය­ටත් මෙම බුදු ගුණ බලය අති­ශ­යින් ප්‍රයෝ­ජ­න­වත්.

පළ­මුව සිත, කය, වච­නය යන තුන් දොර පවිත්‍ර කර­ගෙන පුරුදු පරිදි තිස­රණ සහිත පංච­ශී­ලය සමා­දන් වෙන්න. තෙරු­වන් වන්දනා කරන්න. මල්, පහන්, සුවඳ දුම් පැන් ආදීය පූජා­කර බුද්ධ පූජාව පව­ත්වන්න. අන­තු­රුව පහත සඳ­හන් බුදු ගුණ වන්දනා ගාථා රත්නය තුන්ව­රක් සඡ්ඣා­ය­නය කරලා මගේ/අපේ සියලු පීඩා­වන් දුරු­වේවා කියා සත්‍ය ක්‍රියා කරන්න .

ඉන්පසු විෂ්ණු, කත­ර­ගම, පත්තිනි, ගණ, සර­ස්වතී,ගම්බාර සිද්ධ සූනි­යම් සහ තම තමන්ගේ පළා­ත්බාර,ගම්බාර දෙවි­ව­රුන් ඇතුළු සමස්ත දේව සමූ­හ­යාට පින් අනු­මෝ­දන් කරන්න.

බුදු ගුණ වන්දනා ගාථාව

සෝ භගවා ඉතිපි දස­බ­ල­ධාරී
දස­බ­ල­ධාරී වතසෝ භගවා
තං භග­වන්තං දස­බ­ල­ධාරී සරණං ගච්ඡාමි
තං භග­වන්තං දස­බ­ල­ධාරීං
සිරසා නමාමි
තේන දස­බ­ල­ඥාන තේජසා
සොත්ථි මේ /තේ හෝතු සබ්බදා
ඒතේන සච්ච වජ්ජේන
ග්‍රහ දෝසෝ වින­ස්සතු
ඒතේන සච්ච වජ්ජේන
භූත දෝසෝ වින­ස්සතු
ඒතේන සච්ච වජ්ජේන
දේවානං ජය මංග­ලම්
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි මේ/ තේ හෝතු සබ්බදා

(මෙම ගාථාව අනුන්ට භාවි­ත­යේදී තේ යනු­වෙන් ද,තමන්ට භාවි­ත­යේදී මේ යනු­වෙන් ද භාවිත කරන්න)

සකස් කළේ, සුනිල් පොර­ම­ඬල

Comments