
- කේන්ද්‍ර සටහනේ 3, 9 සහ 12 වැනි කොටු තුළ ග්‍රහයන් වැඩිපුර ඇත්නම් බලාපොරොත්තු ඉටු වීමේ වැඩි ඉඩක්
- රාහු ග්‍රහයා 4 වැනි කොටුවේ නම් උපන් බිමට වඩා පෙන්නේ විදෙස් රටක්
විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව මේ දිනවල විශාල ලෙස ඉහළ යමින් තිබෙනු දක්නට ඇත. විදේශගත වීම නිසා මෙරටදී ඇති වන සමහර පීඩාවන් ඉවත්ව ගියද බාහිර බලපෑමකින් තොර නෛසර්ගික පීඩාවන් නම් කිසි ලෙසකින් අඩු නොවන බව මගේ අදහසයි. උදාහරණයක් ලෙස නිසි නින්දක් නොලැබීමේ පීඩාව ඇතැම් විට පිටරට යෑමෙන් තවත් වැඩි වන්නට ඉඩ ඇත.
පවතින පීඩාවලට එකම සහ සාර්ථකම විසඳුම විදෙස් ගත වීම නොවුණද, යම් උත්පත්ති කේන්ද්‍ර සටහනකට අනුව විදේශ ගත වීමෙන් සාර්ථක විය හැකි ග්‍රහ පිහිටීම් පිළිබඳ සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ගුරු සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකම කොටුවක ඇත් නම්, හෝ ගුරු සහ චන්ද්‍ර යන ග්‍රහයන් සප්තමව ඇත්නම් හෝ ගුරු සිටින කොටුව පළමු කොටුව ලෙස සලකා වම් පසට හෝ දකුණු පසට ගණන් කරගෙන යන විට 5, 9 යන කොටුවක චන්ද්‍ර ග්‍රහයා ඇත්නම් එවැනි කේන්ද්‍ර හිමියකුට විදේශගතව පදිංචි වීම පිළිබඳ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වනු ඇත. නොඑසේනම් එවැනි කේන්ද්‍ර හිමියකු විදේශගතව පදිංචි වීම මෙරට සිටිනවාට වඩා ඵලදායක වනු ඇත. එලෙසම කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ශනි සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකම කොටුවක තැන්පත්ව ඇත්නම් හෝ ශනි සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකිනෙකට මුහුණලා සප්තමව ඇත්නම් හෝ ශනි සිටින කොටුව පළමු කොටුව ලෙස සලකා වම් පසට හෝ දකුණු පසට ගණන් කර ගෙන යන විට 5,9 යන කොටුවක චන්ද්‍ර ග්‍රහයා තැන්පත්ව ඇති නම් එවැනි කේන්ද්‍ර හිමියකුට විදේශ රැකියාවක් පිළිබඳ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වනු ඇත. නොඑසේනම් එවැනි පිහිටීම් ඇති අයට මෙරටදී සිදු කරන රැකියාවකට වඩා විදේශ රැකියා වඩාත් පල දෙනු ඇත. මේ ආකාරයට යම්කිසි උත්පත්ති කේන්ද්‍ර සටහනක බුද සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකම කොටුවක ඇත්නම් හෝ බුධ සිටි කොටුව පළමු කොටුව ලෙස සලකා වම් පසට හෝ දකුණු පසට ගණන් කරගෙන යන විට 5, 9 යන භාවයක චන්ද්‍ර ග්‍රහයා ඇත්නම් හෝ බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකිනෙකට මුහුණලා සම සප්තවම ඇත්නම් විදේශ පුහුණු වීම් පිළිබඳ කටයුතු සහ විදේශ අධ්‍යාපනය පිළිබඳ කටයුතු සාර්ථක කර ගත හැකි වනු ඇත. එනම්, එවැනි පිහිටීම් ඇති අයට මෙරටදී ලබන අධ්‍යාපනයකට වඩා විදේශයකදී ලබන ලබන අධ්‍යාපනය වඩාත් ඵලදායක වනු ඇත.
මීට අමතරව ගුරු සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර පරිවර්තන යෝගයක් ඇත්නම් විදෙස් රටක පදිංචිය පිළිබඳ කටයුතු සාර්ථක කර ගැනීමට ද ශනි සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර, පරිවර්තන යෝගයක් ඇත්නම් විදෙස් රැකියා පිළිබඳ කටයුතු සාර්ථක කර ගැනීමට ද බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර පරිවර්තන යෝගයක් ඇත්නම්, විදෙස් අධ්‍යාපනය පිළිබඳ සහ විදෙස් පුහුණු වීම් පිළිබඳ කටයුතු සාර්ථක කර ගැනීමට ද භාග්‍යය උදාවනු ඇත.
මීට අමතරව කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක රාහු සහ කේතුගෙන් එක් පසෙක පමණක් සියලු ග්‍රහයන් පිහිටා ඇත්නම් එවැනි කේන්ද්‍ර හිමියන්ට ද වඩාත් ගැළපෙන්නේ මෙරට ජීවත් වීමට වඩා විදේශ රටක ජීවත් වීමය. එනම් ඔවුන්ට විදේශ රටක ජීවත් වීම, මෙරට ජීවත් වීමට වඩා ඵලදායක වනු ඇත. එමෙන්ම කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක 3 වැනි කොටුව තුළ 9 වැනි කොටුව තුළ 12 වැනි කොටුව තුළ ග්‍රහයන් වැඩිපුර ඇත්නම් විදේශගත වීම් සාර්ථක කර ගත හැකි අතර, රාහු ග්‍රහයා 4 වැනි කොටුව තුළ ඇත්නම් උත්පත්ති ස්ථානයට වඩා ගැළපෙන්නේ උත්පත්ති ප්‍රදේශයට ඈත ප්‍රදේශයක් හෝ විදේශ රටකි. තවද කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ග්‍රහයන්ගෙන් වැඩි ප්‍රමාණයක් චර සහ උභය රටවල තැන්පත්ව ඇත්නම් ඔවුන්ට විදෙස් ගමන් යෙදීමේ ඉඩකඩ ද අන් කේන්ද්‍ර හිමියන්ට සාපේක්ෂව ඉහළ යනු ඇත.
ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස