දුක් කර­දර, පීඩා සම­නය වී පිහිට ලබ­න්නට සුමන සමන් දෙවි­යන්ට ස්තෝත්‍ර පූජා­වක් | සිළුමිණ

දුක් කර­දර, පීඩා සම­නය වී පිහිට ලබ­න්නට සුමන සමන් දෙවි­යන්ට ස්තෝත්‍ර පූජා­වක්

වාරි­ය­පොල කොළ­ඹ­ගම 
ශ්‍රී මියු­ගු­ණා­රාම රාජ­මහා 
විහා­රා­ධි­කාරි ආචාර්ය 
පූජ්‍ය­පාද ගල්ලැ­හැ­පි­ටියේ 
පේම­ර­තන ස්වාමී­න්ව­හන්සේ 
(කොළ­ඹ­ගම පොඩි හාමු­දු­රුවෝ)


ව්‍යසනකාර අව­ස්ථා­ව­ලදී කුසල් රැස් කර ගනි­මින්, එසේ රැස්කර ගත් කුසල් දෙවි­යන්ට අනු­මෝ­දන් කර­මින් දෙව් සිත් පහ­ද­වා­ගෙන ග්‍රහ පීඩා, භූත පීඩා, යක්ෂ, ප්‍රේත, පිසාච ආදී අම­නුෂ්‍ය බල­පෑම් නිසා ඇති වන කාය, චිත්ත පීඩා ආදී සියලු පීඩා අවම කර ගැනී­මට ඉව­හල් වන මහා­නු­භාව සම්පන්න පුද පූජා විධි පිළි­බ­ඳ­වයි මෙවර දැනු­ම්වත් කිරීම.

හෙළ බිම පුද පූජා ලබන දෙවි දේව­තා­වුන් වහ­න්සේලා අතර හෙළ බොදු­නු­වන් වූ අපට පම­ණක් ආවේ­ණික වූ දේව­තා­වුන් වහස්සේ වන්නේ ශ්‍රී පාද පද්ම­යට අධි­ගෘ­හිත ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජ­යාය. බුදු රජා­ණන් වහන්සේ යක්ෂ දම­නය සඳහා මහි­යං­ග­න­යට වැඩම කළ මොහොතේ ශ්‍රී සුමන සමන් දිව්‍ය­ රා­ජයා බුදු පියා­ණන් වහන්සේ බැහැ­දැක වන්ද­නා­මාන කිරී­මට යමක් ඉල්ලා සිටි­යහ. ඒ අව­ස්ථාවේ බුදු පියා­ණන් වහන්සේ ශ්‍රී සුමන සමන් දිව්‍ය­ රා­ජ­යාට කේෂ ධාතු ස්වල්ප­යක් ලබා දුන් අතර, එම කේෂ ධාතු තැන්පත් කර සත් රිය­නක් උසට මහි­යං­ග­ණයේ මහ සෑ රදුන් ඉදි කළ බව ඉති­හා­සයේ සඳ­හන් වේ.
සමස්ත ශ්‍රී ලංකා­වාසී ජන­තා­ව­ටම සෙත සල­සන, යහ­පත උදා කර­වන, බුද්ධ ස්පර්ශ­යෙන් පූජ­නීය වූ සමස්ත ශ්‍රී ලංකා­ව­ටම ඇල්ම බැල්ම, ආක­ර්ෂ­ණය, පිහිට සහ ආර­ක්ෂාව ලබා දෙන මහා පින් ඇති දෙවි­යකු වන ශ්‍රී සුමන සමන් දිව්‍ය­ රා­ජයා බුදු­ර­ජා­ණන් වහන්සේ ජීව­මා­නව වැඩ සිටි සමයේ උන්ව­හ­න්සේ­ගෙන් ධර්ම ශ්‍රව­ණය කර සෝවාන් ඵල­යට පත් බෝධි­සත්ත්ව ගුණෝ­පේත දෙවි­යෙකි. මේ නිසා ශ්‍රී සුමන සමන් දිව්‍ය­රා­ජයා දන් පින්වල යෙදෙන යහ­පත් මිනි­සුන්ගේ යහ­පත් කට­යු­තු­ව­ලට පිහිට වේ.
මල් පහන්, සුවඳ දුම් වැනි ආමිස පූජා මෙන්ම තම තමන්ගේ ශක්ති පම­ණින් අස­රණ මිනි­සුන්ට පිහිට වීම, කුස­ගි­න්නෙන් පෙළෙන අයට ආහා­ර­පා­නා­දි­යෙන් සංග්‍රහ කිරීම, ආර්ථික අප­හ­සුතා ඇති ඉගෙන ගන්නා දරු­වන්ට පාසල් උප­ක­රණ පරි­ත්‍යාග කිරීම වැනි ප්‍රායෝ­ගික ප්‍රති­පත්ති පූජා­වන් පවත්වා ඉන් ජනිත වන කුසල් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා ශ්‍රී සුමන සමන් දිව්‍ය­ රා­ජයා ප්‍රධාන කොට­ගත් දෙවි දේව­තා­වුන් වහ­න්සේ­ලාට අනු­මෝ­දන් කිරීම තුළින් රටේ පව­තින ව්‍යස­න­කාරී තත්ත්ව­යන් මෙන්ම පෞද්ග­ලි­කව මුහුණ පෑමට සිදු වන විවිධ පීඩා අනතුරු අවම කර­ගත හැකිය.
මේ පූජාව වඩාත් ඵල­දායී වන්නේ නිතර පුද පූජා ලබන බෝධීන් වහන්සේ නමක් අබි­යස පැවැ­ත්වී­මෙනි.
පළ­මු­වෙන්ම බෝ ම­ළුව ඇම­දීම සිදු කර, මල් ආසන ශුද්ධ පවිත්‍ර කර සුදු මල්, (සමන් පිච්ච නම් වඩා සුදු­සුය) කහ මල්, රතු නෙළුම්, සඳුන් තෙල් සහ තැඹිලි තෙල් මිශ්‍ර පහ­නක්, ලද පස්මල් යන පූජා ද්‍රව්‍ය මල් ආස­නය මත ඇතිරූ බුලත් මත තැන්පත් කර පහන් දල්වා තිස­රණ සහිත පංච ශීලය සමා­දන් වී තෙරු­වන් වන්දනා කර බුද්ධ පූජා සහ බෝධි පූජා පව­ත්වන්න.
ඉන් අන­තු­රුව බෝ මළුවේ සුදුසු පහසු තැනක පහසු ඉරි­ය­ව්ව­කින් වාඩි වී රුවන් පිරිත හෙවත් රතන සූත්‍රය හැකි උප­රිම වාර ගණ­නක් සඡ්ඣා­යනා කරන්න.
අන­තු­රුව පහත සඳ­හන් ස්තෝත්‍ර ගායනා කර­මින් ශ්‍රී සුමන සමන් දෙවි­යන් වන්දනා කරන්න.

ස්තෝත්‍ර

ශ්‍රී පද්ම හස්ත ගජ වාහන කාන්ත නේත්‍ර
සම්බුද්ධ පාද පරි­පා­ලක ශාක්‍ය භක්ත
සෞමන්‍ය වාස ධව­ලාභ සම­න්ත­න්දාත්වං
මාං දයාර්ද්‍ර හෘදයෝ වත­පාභි දේව
ශ්‍රී මුනීන්ද්‍ර පාද පද්ම සංර­ක්ෂණ ධාරං
ශ්‍රී සමන්ත කූට වාස ශාස­නෝ­ප­කාරං
ශ්‍රී සමන්ත දේව රාජ ස්වර්ණ­වාස හස්තං
ශ්‍රී විරා­ජ­මාන පුෂ්ප ආසක ප්‍රවිෂ්ටං

මෙම වන්ද­නා­වෙන් පසු තමන් තම පවුලේ අය තම නෑ හිත මිත්‍රා­දීන්, අස­ල්වා­සීන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකා වාසී ජන­තා­ව­ටම සහ­නය, ශාන්තිය, නිදුක් නිරෝගී සුවය උදා කර දෙන්නැයි ඉල්ලා සිටින්න.
ඉන් අන­තු­රුව පහත සඳ­හන් ගාථා­වෙන් ශ්‍රී සුමන සමන් දිව්‍ය­ රා­ජ­යාට ද ආකා­ස­ට්ඨාච ගාථා­වෙන් ශ්‍රී විෂ්ණු දිව්‍ය ­රා­ජයා ප්‍රධාන සමස්ත දේව සමූ­හ­යාට ද පින් අනු­මො­දන් කර පූජාව නිම කරන්න.
මෙම පූජාව බෝධීන් වහන්සේ නමක් අබි­යස පැවැ­ත්වී­මෙන් අන­තු­රුව දින­පතා නිවෙසේ බුදු පහන තබා බුද්ධ පූජා පැවැ­ත්වී­මෙන් අන­තු­රුව දෙවි­යන්ට පින් දෙන අව­ස්ථාවේ දී ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජ­යාට පින් අනු­මෝ­දන් කරන්න.
ශ්‍රී සුමන සමන් දිව්‍ය­ රා­ජ­යාට පින් දීමේ ගාථාව

සම්බුද්ධ පාද වර ලක්ඛණ සෝභි­තම්හි
වාසෝ සමන්ත ගිරි මුද්ධනී දේව රාජා
පුඤ්ඤා නු මොදිය ඉධං­සු­ම­නා­භි­ධානෝ
පාලේතු මං සතත සාත හිතා වහන්තෝ

සකස් කළේ, සුනිල් පොර­ම­ඬල

Comments