
ජනක ප්‍රියන්ත දයාරත්න
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ
ආයතනයේ ප්‍රධාන පර්යේෂක
වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුධයත් සමඟ මුදල් කළමනාකරණය සහ එදිනෙදා වියදම් පිළිබඳ වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව දැඩි වෙමින් ඇත. එබැවින් ඊට ඍජුවම අදාළ වන වාස්තු සිද්ධාන්ත කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමු.
වාස්තු ශාස්ත්‍රයේදී නිරිත දිශාවට දක්වා ඇති වැඩි අවධානය බොහෝ දෙනා නොසලකා හරින බව පෙනේ. එසේ වුවත් ඊශානය මෙන්ම නිරිත දිශාව ද වාස්තු ශාස්ත්‍රයේදී අතිශයින් වැදගත් බව තතු දත්තෝ නිරන්තරයෙන් අවධාරණය කරති. විශේෂයෙන් මෙහිදී අන්තරීක්ෂ ශක්තිය ඊශානයෙන් ගලා ඒමත් නිරිතෙහි එය තැන්පත් වීමත් පිළිබඳ ඇති අවධානය අනුව මෙහි ඇති සුවිශේෂත්වය පැහැදිලි කර ගත හැකිය.
ඉඩමේ හා නිවෙසේ ඊශාන දිශාව විවෘතව තිබීම නිසා වැඩි ශක්ති ප්‍රමාණයක් නිවෙසට ඇතුළු වන බව සැබෑවකි. එහෙත් ඒ ශක්තිය නිවෙසේ රැඳී නොතිබෙන්නේ නම් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව අඩු වීම වළක්වා ගත නොහැකිය. මෙහිදී අවධාරණය කළ යුතු තවත් කාරණාවක් වන්නේ නිරිත දිශාවෙහි එහි අන්තරීක්ෂ ශක්තිය ගබඩා වීම වැළකෙන සාධක කිසිවක් හෝ පවතීද යන්න පිළිබඳවයි.
මේ පිළිබඳව කෙරෙන අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වන්නේ නිවෙසක වැසිකිළිය, අපවිත්‍ර ගබඩා, මුළුතැන්ගෙය ආදිය නිරිත දිශාවේ පිහිටීම නිසා බරපතළ ලෙස අන්තරීක්ෂ ශක්තියට හානි සිදු වන බවයි. මෙසේ නිරිතේ ශක්තිය හානි වීම හේතු කොට ගෙන ඇති වන තත්ත්වයන් නිසා නිවැසියන්ගේ ප්‍රභා මණ්ඩලය බරපතළ ලෙස හානියට පත් වන බව පැහැදිලි කරගත හැකිය.
මේ අනුව අපගේ නිරීක්ෂණය අනුව පෙනී යන්නේ මුළුතැන්ගෙය නිරිත දිශාවේ පිහිටීම නිසා ඇති වන බරපතළ අන්තරීක්ෂ ශක්තිය නිවැසියන්ගේ ආර්ථිකය බරපතළ ලෙස කඩා බිඳ දමන බවයි. එසේම මේ පිහිටීම නිසා නිවැසියන්ගේ ප්‍රභා මණ්ඩලයේ ඇති වන විවිධ දුර්වලතා හේතු කොටගෙන අඥාන ක්‍රියාවන්හි යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ඇතුළු වෙනත් විවිධ පාඩු සිදු වීමට ඉඩ ඇති බව ද මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.
මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නන් පළමුව කළ යුතු කාර්ය වන්නේ නිරිත දිශාවේ ශක්ති හානි වන ක්‍රම මොනවාද යන්න පිළිබඳ විමසා බැලීමයි. එමෙන්ම පෙර කී මුළුතැන්ගෙය හා වැසිකිළි යන ප්‍රධාන කාරණාවක් කොට සැලකීමෙන් මේ සියලු දෝෂ මග හරවා ගත හැකිය.
තත්ත්වය එසේ වුවත් තනා නිම කළ නිවෙසක මෙවැනි දුර්වලතාවන් තිබීමෙන් නිවැසියන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වන අතර, එම දෝෂ නිවාරණය කිරීම සඳහා කඩා බිඳ ඉවත් කිරීම සිදු කිරීම පහසු නොවන බව පැහැදිලිව කිව හැකිය. මෙහි නිසැක ප්‍රතිඵලයක් ලෙස විය හැකි කාරණා වන්නේ පෙර කී සියලු දෝෂයන්ගෙන් සමන්විතව විශාල ආර්ථික අර්බුදයකට නිවැසියන් පත් වීමයි. ඊළඟ පියවර වන්නේ ආර්ථිකය බිඳ දැමීමත් සමඟම ණය බරින් මිරිකෙන්නන් බවට නිවැසියන් පත්වීමයි. මේ තත්ත්වය සලකා බැලීමේදී පළමුවෙන් සිදු කළ යුතු කාරණාව වන්නේ ඉදිකිරීම බිඳ දමා තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කර ගැනීම නොව, වෙනත් පිළියම් අනුව දෝෂ නිවාරණය කිරීමට පියවර ගැනීම සඳහා කටයුතු කිරීමයි. මේ සඳහා ගත හැකි උචිතම පියවර වන්නේ වාස්තු දෝෂ නිවාරණය කිරීම සඳහා යොදා ගනු ලබන පිරමීඩ භාවිතයට ගැනීමයි. පිරමීඩ භාවිත කිරීමෙන් ඉතා පහසුවෙන් දෝෂ නිවාරණය කිරීමට හැකි බව අද වන විට පර්යේෂණාත්මකව තහවුරු කර පෙන්විය හැකි බව ද අවධාරණය කළ යුතුය.