
ප්‍රවීණ ෙජ්‍යා්තිර්වේදී,
පාරින්ද්‍ර සුගතදාස
- මේ දිනවල සිට ලබන වසරේ ජනවාරි 17 වැනිදා දක්වා මිථුන සහ මකර ලග්න
- හිමියන්ට විදෙස්ගත වීමට අවස්ථාව කේන්දරයේ රාහුගේ හෝ චන්ද්‍රයාගේ
- මහ දසාව යෙදී ඇත්නම් විදේශගත වීමට වැඩි අවස්ථාවක්
- කිසියම් පුද්ගලයකුට ඉතා ප්‍රබල ඒරාෂ්ටකයක් ගතවද්දී ද විදෙස්ගත වීමට ඇති ඉඩකඩ ඉහළ යයි
යම් උත්පත්ති කේන්ද්‍ර සටහනක විදෙස් ගමන් යෙදෙන ග්‍රහ පිහිටීම් පිළිබඳ මීට පෙර ලිපියකින් සාකච්ඡා කළෙමු. මෙවර දැනුම්වත් කිරීම උත්පත්ති කේන්ද්‍ර සටහනක් ඇසුරින් විදෙස් ගමන් යෙදෙන කාලවකවානු පිළිබඳව අදහසක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය.
යම් කේන්ද්‍ර හිමි හිමියකු රාහුගේ මහ දසාව චන්ද්‍රයාගේ මහ දසාව වැනි මහ දසාවන් ගත කරයි නම් එවැනි අයෙකුට විදේශගත වීමට ඇති අවස්ථාව සාපේක්ෂව ඉහළ යනු ඇත. මීට අමතර ලෙස යම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව කුමන මහ දසාවක් ගත වුවද එම මහ දසාව තුළ චන්ද්‍රයාගේ අතුරු දසාවක් ගත කරන්නේ නම් එවැනි අයකුට විදේශගත වීමට ඇති අවස්ථාව සාපේක්ෂව ඉහළ අගයක් ගනී.
උදාහරණ ලෙස යම් පුද්ගලයකු රවි, බුධ, සිකුරු, ගුරු, කුජ, කේතු, ශනි වැනි ග්‍රහයකුගේ මහ දසාවක් ගත කළද එම පුද්ගලයාට එම මහ දසාවේ චන්ද්‍ර අතුරු දසාවක් ගත වේ නම් විදෙස්ගත වීමට හොඳ ඉඩක් නිර්මාණය වන අතර එම මහ දසාවේ රාහු අතුරු දසාවක් ගත කළද විදෙස්ගත වීමට සාපේක්ෂව ඉහළ ඉඩක් නිර්මාණය වනු ඇත.
කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනකට අනුව යම් පුද්ගලයෙකු චන්ද්‍ර මහ දසාවේ රාහු අතුරු දසාවක් ගත කරන්නේ නම් ද රාහු මහ දසාවේ චන්ද්‍ර අතුරු දසාවක් ගත කරන්නේ නම් ද එම පුද්ගලයාට විදෙස්ගත වීමෙ ඉඩ කඩ උපරිම වනු ඇත. මීට පෙර විදෙස් ගමන් යෙදී නැති පුද්ගලයකුට ඉහත මහ දසා, අන්තර් දසා ලැබු විට ජීවිතයේ පළමු වරට විදේශගත වීමේ අවස්ථාව උදා වනු ඇත.
කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා තැන්පත්ව ඇති ස්ථානයේ ගුරු ග්‍රහයා ගමන් ගන්නා විටද පදිංචි ස්ථානයේ වෙනසකට ඉඩකඩ නිර්මාණය කරන අතර එම පදිංචි ස්ථාන වෙනස විදෙස් ගමනක් ලෙස ද ක්‍රියාත්මක විය හැකිය.
එමෙන්ම යම් කිසි උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා තැන්පත්ව ඇති රාශියට කලින් රාශිය තුළ ගුරු ග්‍රහයා ගමන් ගන්නට පටන් ගන්නා බව ද චන්ද්‍රයා තැන්පත්ව ඇති රාශියට පසු රාශියෙහි ගුරු ග්‍රහයා ගමන් ගන්නා විට ද විදෙස් ගමනක් යෙදෙන්නට ඇති අවස්ථාව සාපේක්ෂව ඉහළ යනු ඇත. මීට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා තැන්පත්ව ඇති රාශියේ සිට වම් පසට හෝ දකුණු පසට ගණන් කරන විට ඉන් 5 වැනි කොටුව තුළ හෝ 9 වැනි කොටුව තුළ ගුරු ග්‍රහයා ගමන් කරන්නේ නම් එවැනි අයකුට ද එම කාල සීමාව තුළ විදේශ ගමන් යෙදීමේ ඉඩකඩ ඉහළ යනු ඇත.
ඉහත සඳහන් කළ ග්‍රහ පිහිටීම්වලට අමතර ලෙස කිසියම් අයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනක් තුළ චන්ද්‍ර ග්‍රහයා තැන්පත්ව සිටින ස්ථානය තුළින් ශනි ග්‍රහයා ගමන් කරන කාල වකවානු තුළද චන්ද්‍ර ග්‍රහයා තැන්පත්ව ඇති කොටුවට යාබද කොටුව තුළ ශනි ග්‍රහයා ගමන් කරන විටද චන්ද්‍ර ග්‍රහයා තැන්පත්ව ඇති කොටුවට සම සප්තව කොටුවක මුහුණට මුහුණලා ශනි හෝ ගුරු යන ග්‍රහයන් ගමන් කරන කාල වකවානු තුළ ද විදේශ ගමනක් යෙදෙන්නට ඇති ඉඩ ඉහළ යනු ඇත. තවද කිසියම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනක ඉතා ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවක් ගත වද්දීද එවැනි අයෙකුට එම කාල වකවානුව තුළ විදෙස්ගත වීමට ඇති ඉඩකඩ ඉහළ යනු ඇත. එනම්, බොහෝ පුද්ගලයන්ට තම ජීවිතයේ පළමු විදෙස් ගමන් ගමන යෙදී ඇත්තේ බොහෝ විට ඉතා ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවකදී බව අප විසින් අත්දැක ඇත.
විදෙස් ගමන් යෙදීම වාසනාවන්ත කටයුත්තක් ලෙස බොහෝ දෙනෙකු කල්පනා කළද, විදෙස් ගමනකදී මවුපියන් ඇතුළු ඥාතීන්ගෙන්ද, හිතවතුන්ගෙන්ද තාවකාලිකව හෝ ඈත් වීමට සිදු වන නිසා ඒරාෂ්ටක කාල සීමා තුළ විදේශ ගමන් යෙදීමේ ඉඩකඩ ඉහළ යනවා විය හැකිය. ඒ අනුව මේ දිනවල සිට 2022 වසරෙහි ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින මාස කිහිපය තුළ මිථුන ලග්න හිමියන්ට සහ මකර ලග්න හිමියන්ට විදෙස්ගත වීමට ඇති අවස්ථාව උපරිම විය හැකි අතර, 2022 වසරෙහි ජනවාරි 17 වනදාත්, 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදාත් අතර කාල සීමාව තුළ කටක ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට විදෙස්ගත වීමට ඇති අවස්ථාව ඉහළ යනු ඇත.
ඉහත සඳහන් කළ පිහිටීම්වලට අමතර ලෙස රාහු ග්‍රහයා, උත්පත්ති කේන්ද්‍ර සටහනක පළමු වැනි කොටුව තුළින් ගමන් කරද්දී, උප්පත්ති කේන්ද්‍ර සටහනක 3, 9,12 වැනි කොටුවක ග්‍රහයන් වැඩිපුර ගමන් කරද්දී එම කාල වකවානුවල විදෙස් ගත වීමට ඇති අවස්ථා ඉහළ යනු ඇත.
කෙසේ වෙතත් ඉහත කී කාලවකවානුවල පවා විදෙස් ගමන් යෙදෙන්නට වැඩිපුර ඉඩ ඇත්තේ උත්පත්ති කේන්ද්‍ර සටහන් තුළ බලගතු විදෙස් ගමන් යෝග යෙදී ඇති අයට වන අතර, අනෙක් අයට වත් පිළිවෙත් ආදිය සිදු කිරීම මඟින් ඒ සඳහා වැඩිපුර උත්සාහ කිරීමට සිදු වනු ඇත.