සෙනසුරු අපල, දොස් දුරු කරවන විෂ්ණු දේව ස්තෝත්‍ර | සිළුමිණ

සෙනසුරු අපල, දොස් දුරු කරවන විෂ්ණු දේව ස්තෝත්‍ර

හින්දු දේව පුරණායේ සඳහන් ත්‍රිමුර්තියේ වන්දනාවට පාත්‍ර වන එක් දෙවියකු වන විෂ්ණු දෙවියන් පවත්වනු ලබන පුද පූජාවන් පිළිබඳ දැනුම්වත් වූ ඔබට එහිදී භාවිත කළ හැකි ස්තෝත්‍ර පිළිබඳයි මෙවර දැනුම්වත් කිරීම.

ලංකාවේ ප්‍රධාන විෂ්ණු දෙවොල දෙවුන්දර පිහිටා ඇති අතර, බෙල්ලන්විල කොළඹගම, කන්දේ විහාරය මෙන්ම දළදා මාලිගාව තුළ ද ඒ අසලම විෂ්ණු දේවාලය ද විෂ්ණු දෙවියන් උදෙසා දේවාල කැපකර ඇති අතර මෙයින් වාරියපොල කොළඹගම විහාරයේ, කන්දෙ විහාරයේද, දෙවුන්දර පිහිටා ඇති රූපයන් ප්‍රධාන තැනක් ගනු ලබයි. මා විසින් දන්නා ලද තවත් සුවිශේෂි විෂ්ණු දේව ප්‍රතිමාවක් පයාගල මලේගොඩ පුෂ්පාරාම විහාරයේ දේව මන්දිරයේ ද ඇති අතර එය ද කන්දෙ විහාරයේ රූපය අඹන කාලයේදීම නිමකර ඇති බවට ද එහි නායක ස්වාමීන් වහන්සේ පවසා ඇත.

ත්‍රි මූර්තියේ මහාබ්‍රහ්ම විසින් මවන ලද මෙම විශ්වය එහි අනෙක් දෙවියන් වන ඊශ්වර හෙවත් ශිව දෙවියන් මෙම විශ්වය විනාශ කරන බවත් එය ආරක්ෂා කිරීමට විෂ්ණු දෙවියන් කැපවී සිටින බවත් සඳහන්ය.

විෂ්ණු දෙවියන් සඳහා පුද පූජාවන් බොහෝමයක් ඇති අතර එයිනුත් ප්‍රධාන වශයෙන් ග්‍රහ අපල එනම්, ශනි හෙවත් සෙනසුරු, රවි සහ බුධ ග්‍රහයන්ගේ ඇති වන අපල උපද්‍රවයන්ගෙන් සහනයක් ලබා ගැනීමට මෙම පූජාවන් පවත්වනු ලබන අතර මෙම පූජාවන්ට ප්‍රථමයෙන් මල් පහන්, සුවඳ පුදා බුදුන් වැදීම අනිවාර්ය යෙන් කළ යුතුය. විශේෂයෙන් සෙනසුරු හෙවත් ශනිගෙන් සිදු වන අපල උපද්‍රවයන් සඳහා විෂ්ණු දෙවියන් පිහිට වන බවට දැඩි විශ්වාසයක් ඇත. විෂ්ණු දෙවියන්ටත් සෙනසුරා බට කොළ කැවූ බවට අතීතයේ සිට ප්‍රකට කියමනක් ඇත්තේ සෙනසුරු අපල කිරීමට එන බව දැනගෙන එයින් බේරීමට හස්තියකුගේ වෙස් ගෙන වන වැදී ආහාරය සඳහා බටකොළ අනුභව කළ බැවින් යැයි සඳහන්ව ඇති නිසාය. එනිසාම ශනිගෙන් ඇතිවන උපද්‍රවයන් සඳහා විෂ්ණු දෙවියන් විශේෂයෙන් පිහිට වන බව කියා ඇත.

විෂ්ණු දෙවියන් උදෙසා පූජා විධි 10ක් සමස්තයක් වශයෙන් සිදු කරනු ලබයි. මෙම පූජා සිදු කිරීමට ප්‍රථමයෙන් ඔබ බෝධි පූජාවක් පවත්වා බුදුන් වැඳ කටයුතු කාරණා සිදු කරන්නේ නම් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් ශනි, රවි, බුධ ග්‍රහයන්ට මෙන්ම කේතූ ග්‍රහයාට ද අනෙකුත් දෝෂවලට ද විෂ්ණු දේව පූජාවන් පවත් වනවා ඇත. එම පූජාවන් සඳහා කළ යුතු වත්පිළිවෙත් මෙසේය.

පළමුව දෙවියන්ට සිදු කරනු ලබන දේව ආරාධනාවන් සඳහා භාවිත වන ආරාධනා, ස්තෝත්‍ර මෙන්ම පූජාව කැප කිරීම ශ්‍රී විෂ්ණු නමස්කාරය, ශ්‍රී විෂ්ණු දිෂ්ටියට කැප කිරීම සඳහා වන ස්තෝත්‍ර සහ අවසානයේ විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන ස්තෝත්‍ර සහ ගාථාවන් ඔබ දැන සිටිය යුතුමය. එයින් ඔබට නිසි ආකාර පූජාව සිදු කොට මහඟු ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

1. ප්‍රථමයෙන් දේව ආරාධනාව සිදු කළ යුතුය. ඒ සඳහා

ශ්‍රි විෂ්ණු රාජං දින ප්‍රභාවං, 
ශ්‍රි දේව රාජා ක්‍රතශ්‍ය රුපං, 
ශ්‍රි අෂ්ඨ රුපං ගිරිමේඛලාන්‍යං, 
ශ්‍රි රාම චන්ද්‍රාං සිරසා නමාමි, 
සුග්‍රීව මිත්‍රං පරමං පවිත්‍රං. 
සීතාකලත්‍රං නවමේග ග්‍රාතං, 
කරුණ්‍ය පාත්‍රං ශකපත්‍ර නේත්‍රං, 
ශ්‍රි රාම චන්ද්‍රා සිරසා නමාමි, 
ගොවින්ද කේෂව ජනාර්ධන වාසුදේව, 
විශ්වේෂ විශ්ව මධුසූධන විශ්ව රුප, 
ශ්‍රි පද්ම නාභා පුරුෂොත්තම පුෂ්ප රාක්ෂ, 
නාරායනර් වින නාසිහං නමෝ නමස්ථු.

2. නමස්කාරය

ශත හාත කෘත පද්මං, 
චන්ද්‍රා කෛලොශ්‍ය නාතං ත්‍රිභුවන පරමේශ්වරං 
පාදයුග්මං නමාමි, හේ රාමා පුරුෂොත්තමා හර හරි නාරායන කේශවා, 
ගොවින්දා ගරුධද්ධවා ගුණ නිදිධාමෝධරා මාධවා හේ ක්‍රිෂ්ණා කමලාපතී, 
ශිව පති සීතාපති ශ්‍රි පතී ශ්‍රි වෛකුණ්ඨපතී වරා වරපතී ලක්ෂ්මි පතී පාහිමන්, 
ශ්‍රි විෂ්ණු ධෘත සංඛ පද්ම චක්‍ර ගෞහාන් චතුර් භූජ ධරං,

ලක්ෂ්මි වෘක්ෂ්‍ය සුහීත්‍ය සේවිත තනු ස්වර්ණාශ්‍ය ජාමුනි පලංද්වි ගොන්දායි පමාණ වෘක්ෂන්‍ය සංවෘතං කර්පූර් කංකුමාන් විත තාම්බුකද්ජන සුගන්ධ පුෂ්ප සහිතං පාල්‍යාන්තුච.

3. දිෂ්ටියට ආරාධනය

ඕං හර හර නාරායනෙ ශ්‍රි විෂ්ණු දිෂ්ටි දිෂ්ටි වර ඹ්ඩිවා නමඃ, 
ඕං වෛකුණ්ඨ රාම විෂ්ණු දිෂ්ටි වර වර ඕඩිවා නමඃ , 
ඕං ශ්‍රි විෂ්ණු ශිව නාරායනෙ ඕඩිවා ඕඩිවා වර වර නමඃ , 
ඕං ඕලි බල් ශ්‍රි විෂ්ණු ශිව දිෂ්ටි ඕඩිවා ඕඩිවා වර වර නමඃ, 
ඕං ශ්‍රි විෂ්ණු අයියා නාරායනෙ දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ. 

4. පින් පැමිණවීම

සම්බුද්ධ සාසනවරං 
යතිපුංග වඤ්ච, 
සම්පාලනාය පටිලද්ද වරෝ යසස්සී, 
පුංඤ්ඥානිමානි අනුමෝදිය වාසු දේවෝ, 
පාලේතු මං සතතසාත හිතාවහන්තෝ.

මෙම කරුණු අවසානයේ නැවතත් කරණීය මෙත්ත සුත්‍රය තුන් වරක් කියා දෙවියන්ට පින් දෙන්න.

Comments