සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - යහපත් සතියක්

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න හා තුන් වැන්න මතිනි. ගෘහ ජීවිතය සතුටින් පවත්වාගත හැකි වුවත් ආවේගශීලී වන අවස්ථා ද යෙදෙයි. සහෝදර උපකාර හිමි වෙයි. රැකියා හා ව්‍යාපාරවලින් ආදායම් ගෙන දෙන සහ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවෙන දින කිහිපයකි. සෙම් රෝග, අජීර්ණ, මුඛ ආශ්‍රිත රෝගවලට ඉඩ ඇත. සතියේ අපල අවම කර ගැනීමට අතපය වාරු නොමැති කෙනකුට උපකාරයක් කරන්න.

අය 5, වැය 3, සුබ අංකය 7, සුබ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා

වෘෂභ - ලොතරැයි දිනුම්

සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය තරමක් දුරට සුබ පල අඩු කරයි. සිත් රිදීම් ඇති වෙයි. සතියේ මැද කොටස සතුටුදායකය. ධන ලාභ ඇතුළු වෙනත් ආර්ථිකමය ලාභවලට හිමිකම් ඇත. ලිපි ලේඛන ආදියෙන් සුබපල ඇති වෙයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කෙරෙයි. සතියේ අපල අවම කර ගැනීමට අන්තරාය නිවාරණ පිරිත කියන්න.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

මිථුන - අන්‍යයන්ගෙන් උදවු උපකාර

 සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්නය මතිනි. හිත මිතුරන්ගෙන් උදවු උපකාර හිමි වන අතර රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමි වන සතියකි. එහෙත් සතිය මැද කලකිරීමකට භාජනය වන කරුණු යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවෙන ග්‍රහ බල සහිතයි. සතියේ අපල අවම කර ගැනීමට පාසල් යන වයසේ දරුවකුට පොත්පත් පරිත්‍යාග කරන්න.

අය 8, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සඳුදා

කටක - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් කරන්නේ 10, 11 සහ 12 වැන්න මතිනි. සතිය ආරම්භය සුබදායකය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඵල වන බවක් දක්නට ලැබෙයි. එහෙත් සතිය අවසානයේදී සිත් රිදීම් ඇති විය හැකිය. නිෂ්ඵල ගමන් සහ වියදම් යෙදෙන්නට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට කෑමට පොරි වැනි ආහාරයක් දමන්න.

අය 7, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා

සිංහ - සාමකාමී ගෘහ ජීවිතයක්

සඳු ගමන් කරන්නේ 9, 10 සහ 11 වැන්න මතිනි. පුණ්‍ය කටයුතුවලින් ආරම්භ වෙන සතිය වාසනාවන්තය. රැකී රක්ෂා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඵල තාවයට පැමිණේ. ගෘහ ජීවිතයේ සතුට සමාදානය පවතී. සතියේ අපල අවම කර ගැනීමට සතිය ආරම්භයේ රතුමල් ටිකක් චෛත්‍යයක් අබියස පූජා කර කරණීය මෙත්ත සූත්‍රය කියන්න.

අය 8, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා

කන්‍යා - රැකියා ලාභ

සඳු ගමන් කරන්නේ 8, 9 සහ 10 වැන්න මතිනි. ආරම්භය සුබදායක නොවන අතර කනගාටුදායක පුවත් අසන්නට ලැබේ. සතිය මැදදී රැකියා, ව්‍යාපාර අංශවලින් සුබපල පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඇති වෙයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන අතර ඔවුන් තරමක හිතුවක්කාර ගතිගුණ පෙන්වයි. සතියේ අපල අවම කර ගැනීමට නිල් මල් ටිකක් බෝධීන් වහන්සේ අබියස පූජා කරන්න. අන්තරාය නිවාරණ පිරිත කියන්න. අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සිකුරාදා

තුලා - සතුටුදායක සති අන්තයක්

සඳු ගමන් කරන්නේ 7, 8 සහ 9 වැන්න මතින්ය. තරමක හිතුවක්කාර ගති පෙන්වයි. ව්‍යාපාර හා රැකී රක්ෂාවලින් බලාපොරොත්තු වන අන්දමට ලාභ ප්‍රයෝජන නොලැබුණද සතිය අවසානයේදී සියල්ල සුබ අතට හැරේ. අධ්‍යාපනය ලබන දුවා දරුවනට නැණ නුවණ වර්ධනය වේ. අතමිට මිල මුදල් ගැවසේ. ගෘහ ජීවිතය සාර්ථක වේ. පුණ්‍ය කටයුතුවල නියැලේ. හැකි නම් පිළිකා රෝගියකුට උපකාරයක් කරන්න. සියලු අපල දුරු වේ.

අය 11, වැය 8, සුබ අංකය 6, සුබ වර්ණය සුදු, සුබ දවස සිකුරාදා

වෘශ්චික - රැකියා, ව්‍යාපාරවල දියුණුව

සඳු ගමන් කරන්නේ 6, 7 සහ 8 වැන්න මතිනි. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. මවුපියන්ගේ ද උපකාර ලැබෙන මේ සතියේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී සුබපල උදා කරයි. එහෙත් අසනීප, සතුරු කරදර පැමිණිය හැකි බැවින් පරෙස්සමෙන් කටයුතු කළ යුතුව ඇත. අපල මග හරවා ගැනීමට අඟහරුවාදා දින රෝගී අයකුට උපකාර කරන්න. ශල්‍යකර්මයකට භාජනය වූ අයකුට නම් වඩාත් හොඳයි.

අය 7, වැය 4, සුබ අංකය 5, සුබ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා

ධනු - ඉගෙනීමේ කටයුතු සාර්ථකයි

සඳු ගමන් කරන්නේ 5, 6 සහ 7 වැන්න මතිනි. ආරම්භයේ ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර රැකියා අංශවල දියුණුව සැලසේ. එහෙත් හිතවත් අයකුගේ දුකක් කරදරයක් අසන්නට ලැබිය හැකිය. මුත්‍රා ආසාදන, කොඳු ඇට පෙළේ වේදනා මතු කරයි. අපල අවම කර ගැනීමට තිරිසන් සතුනට ආහාර සහ ජලය දෙන්න.

අය 11, වැය 9, සුබ අංකය 5, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා

මකර - පින්බර සතියක්

සඳු ගමන් කරන්නේ 4, 5 සහ 6 වැන්න මතිනි. ආරම්භය තරමක හිතුවක්කාර ගති මතු කරයි. තද හිතක් ඇතිවේ. දෙවැනි, තුන් වැනි දිනවලදී යහපත් සිතුවිලි සහිතව දවස ගෙවයි. දුවා දරුවන්ගේ කටයුතුවලට සහය දෙයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සුබදායී වේ. රැකියා, ව්‍යාපාර අංශවල සාමාන්‍ය වර්ධනයක් පෙන්වයි. අපල අඩු කර ගැනීමට පක්ෂීන්ට ආහාර දමන්න.

අය 5, වැය 4, සුබ අංකය 9, සුබ වර්ණය තද නිල්, සුබ දවස සෙනසුරාදා

කුම්භ - ව්‍යාපාර කටයුතුවලින් ජය

සඳු ගමන් කරන්නේ 3, 4 සහ 5 වැන්න මතිනි. සහෝදර උපකාර හිමි වෙන අතර ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වේ. ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ හැකියා වර්ධනය වේ. රැකියා ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබේ. අසනීප සහ අපල තත්වයන් ද පෙන්නුම් කරන බැවින් අපල අවම කර ගැනීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.

අය 5, වැය 3, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

මීන - ප්‍රීතිමත් සතියක්

සඳු ගමන් කරන්නේ 2, 3, 4 වැන්න මතිනි. කුටුම්භ සංරක්ෂණ මැනවින් ඉටු කෙරෙන ධනය, දේපළ ලැබෙන සතියකි. තමාගේ සහජ දක්ෂතා ඔප් නැංවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන ග්‍රහබල පිහිටයි. රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. මුඛ රෝග, සෙම් රෝග, ස්නායු දුබලතා ඇති කරයි. සතියේ අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.

අය 5, වැය 3, සුබ අංකය 3, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා

Comments