
“දිගන මංගල“
මේ නම මහනුවර පැත්තේ නොදන්නා අයෙක් නැති තරම්ය.
දේශපාලන බලයෙන් ද, මැර බලයෙන් ද, පොලිස් බලයෙන් ද සන්නද්ධ පුද්ගලයෙක් වන දිගන මංගල ලෙස ප්රකටව සිටියේ මංගල ගුණවර්ධන නම් වූ ව්‍යාපාරිකයෙකි. පල්ලෙකැලේ කෙන්ගල්ලේ පදිංචිව සිටි මංලගේ ව්‍යාපාර කේන්ද්‍රගතව ඇත්තේ දිගන ආශ්‍රිතවය. දිගන මංගල යැයි ඔහුට කියන්නේ එබැවිනි.
ඒ හැරුණු කොට පොලී මංගල යැයි කියා ද ඔහුට කියන පිරිසකුත් සිටිති. එසේ මංගලට කියන්නේ ඔහු පොලී මුදලාලි කෙනෙක් ද වූ බැවිනි. හැබැයි කිසිවෙක් ඔහු ඉදිරියේදී නම් පොලී මංගල යැයි කියන්නට ගියේ නැත. පොලී මංගල යැයි ඔහුට බොහෝ අය කීවේ ඔහු නොමැති තැන්වලදීය.
මංගල සමඟ ගනුදෙනුකර ඇති බොහෝ අය නම් කියන්නේ ඔහු පොලී කාරයෙක් බවය. පොලියට යම් මුදලක් දෙන්නේද ඊට සරිලන ඉඩමක් හෝ දේපොලක් ඇපයට තබාගෙනය. එම දේපොල වාහනයක් ගෙයක් දොරක් පවා විය හැකිය. මංගල සමඟ ගනුෙදනු කර හරියට මුදල් ෙනාපියවන අයෙෙගන් සින්න කරගත් වාහන සියයකට වැඩි ප්‍රමාණයක් ගාල්කර අලුත් ව්‍යාපාරයක් ලෙස වාහන සේල් පොළක් ද පසුගිය කාලයේ මංගල අරම්භ කර තිබුණේය. එම වාහන සේල් පොළ විවෘත කරන්නට ආවේද ෙද්ශපාලකයන්ය.
මෝටර් රථ සේල් පොළට අමතරව මංගලට දිගන නගරයේ යතුරු පැදි ප්රදර්ශනාගාරයක් ද ඇත්තේය. ඒ පැත්තේ හයිලන්ඩ් අලෙවි ඒජන්සියේ හිමිකරු වූයේ ද මංගලය. එම ඒජන්සිය තිබුණේ මංගලගේ කාර්යාලය පිහිටි දිගන රජවැල්ලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේය. ඒ තැන හඳුන්වනු ලැබුවේ ගුණවර්ධන එන්ටප්‍රයිසස් කියාය. ඔහු මුළු දිගනම පාලනය කරනු ලැබුවේ එම ගොඩනැගිල්ලෙහි තෙවැනි මහලේ ඇති සිය කාර්යාලය ඔස්සේය.
ප්‍රභූන් කිහිප දෙනකුම ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමින් බලවතකුගේ චරිතයට පණ පෙවූ මංගල දිගන පමණක් නොව, මහනුවරම හොල්ලාගෙන සිටි අයකු යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. පොලිසියේ තරු පටි පැලඳ සිටින නිලධාරීන් පවා ඔහුගේ ගජ මිතුරන්ය. මංගලට ඔවුන් අමතන්නේ ද මචං යැයි කියාය. ඒ තරමට ඔහු පොලිසිය සමඟ ළඟින් සිටියේය. ඒ ඇතැම් විට මංගලගේ පොලී ව්‍යාපාරයට පොලිසියයේ උදවු පදවු උවමනා වන බැවින් විය හැකිය. ඇතැම් පොලිස් ලොක්කන් හදිසියකට වාහනයක් පවා ඉල්ලා ගත්තේ මංගලගෙනි. ඊට අමතරව මංගලගෙන් අතමාරුකර ගත්නා නිලධාරීන්ධ නැත්තේම නැත. ව්‍යාපාරික අවශ්‍යතා මත මංගල ආරක්ෂකයන් නොවන ආරක්ෂක කණ්ඩායමක් ද නඩත්තු කළේය. ගමේ අය නම් කීවේ මැර හමුදාවක් ඔහු නඩත්තු කරන්නේ යැයි කියාය. පොලී මුදල් එකතු කරන්නට ගියේත් දේපොළ අත්පත්කර ගන්නට ඔහු යොදවනු ලැබුවේත් මෙම මැර හමුදාවය. මෙසේ සමාජයේ ලොකු බලයක් සහිතව වැඡඹුණු මංගල පසුගිය 16 වෙනිදා දුබලයෙක් ලෙස අකාලයේ මියැදෙන්නේ සිය කාර්යාල කාමරය තුළදී හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙනය. මෙම වෙඩි තබා ගැනීම ගැන සමාජයේ ඇත්තේ දැඩි කුතුහලයකි. මංගල වැනි අයෙක් එසේ සිය දිවි හානිකර ගැනීමට තරම් පිරිහුණු මනසක් ඇති අයෙක්දැයි ඒ අය මතුකරන සැකයකි. ඒ හිතන්නේ මංගල වෙන අයකුට වෙඩි පත්තු කළහොත් මිස තමාටම වෙඩි තබා ගන්නා චරිතයක් නොවන බවය. හැබැයි ඒ අය විශ්වාස නොකළ ද සිදුව ඇත්තේ මංගල විසින් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබීමය.
ඒ බව පොලිසිය ද තහවුරු කරනුයේ මංගලගේ මරණය සැක සහිත මරණයක් නොවන බව විමර්ශනවලින් පවා අනාවරණය වී ඇති බව කියමිනි. මංගල සිය හිසට ගිනි අවිය තබාගෙන වෙඩි තබාගෙන ඇත්තේ ද සිය කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙක් සහ රියදුරු ඉදිරියේදීය. මංගල වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගත් බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් වන්නේ ඔවුන් තිදෙනාය.
මංගල එසේ වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇත්තේ ද ඔහුට අයත් ලයිසන් තුවක්කුවකිනි. එය රිවෝල්වරයකි. එම අවියද වෙඩි තබාගත් තැන වැටී තිබී පොලිසිය සොයා ගත්තේ වෙඩි තබාගත් පතොරොමේ හිස් කොපුව ද සමඟිනි.
මංගලගේ සිය දිවි හානිකර ගැනීම ගැන බොහෝ අය මුලින් සිතන්නට වූයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ව්‍යාපාර බිඳ වැටීමක් හේතුවෙන් ඇතිවුණු සිත් තැවුලක් මත සිදුවූවක් වන්නට ඇතැයි කියාය. තාමත් අපේ රටේ කිසිදු ව්‍යාපාරිකයෙක් රට තුළ මේ වන විට පැන නැඟී ඇති ආර්ථික ගැටලු මුල්කරගෙන සිය දිවි හානි කරගත් බවක් නම් දැනගන්නට නැත. එවන් තත්ත්වයක් හමුවේ මංගල වැනි පුද්ගලයෙක් සිය දිවි හානිකර ගනීවිදැයි පොලිසියට පවා මුලින්ම ගෙන දුන්නේ සැකසංකාවකි. හැබැයි දැන් නම් මංගල සිය දිවි හානි කරගෙන ඇත්තේ ආර්ථික ගැටලුවක් නිසා නොවන බව පොලීසිය පැත්තෙන් තහවුරු කරගෙන හමාරය. මංගලගේ මරණය ගැන කෙරුණු පොලිස් විමර්ශනවලින් පැහැදිලි වී ඇත්තේ ඔහු වෙඩි තබාගෙන ඇත්තේ පෙම් පලහිලව්වක් මුල් කරගෙන බවය.
එම පෙම් පලහිලව්ව කෑගල්ලේ සජබ සංවිධායක ලක්ෂමන් දිසානායකගේ පෙම් පලහිලව්වට එහෙම් පිටින්ම සමානය. ලක්ෂමන් දිසානායක ඔහුගේ කාර්යාලයේ තරුණ සේවිකාවක සමඟ පෙමින් වෙළී සිටියේ කාලයක් තිස්සේය. ඇයට අඳින්න පලන්න මෙන්ම ඉඩකඩම් පවා ඔහු මිලට ගෙන දුන්නේය. හැබැයි ඇයට විවාහයක් කරගන්නට නම් ලක්ෂමන් ඉඩ දුන්නේ නැත. ලක්ෂමන්ට ඇවැසි වූයේ ඇය සිය පෙම්වතිය ලෙස තබාගෙන සිටීමටය. අවසානයේදී ලක්ෂ්මන් දිසානායක සතුව තිබුණු ගිනි අවියකින් වෙඩි පත්තු වී එම තරුණිය ඝාතනය වන්නේ ඇය විවාහයක් කර ගැනීමට සූදානම් වෙමින් සිටියදීය. ඒ ලක්ෂමන් දිසානායකගේ කාර්යාලය තුළදීය. එම අපරාධයට අදටත් ලක්ෂමන් දිසානායක සිටින්නේ හිරේ වැටී දුක්විඳිමිනි.
මංගලගේ ප්‍රේම කතාවද ඊට නොෙදවෙනිය. ලක්ෂමන්ගේ පෙම්වතිය වෙඩි වැදී ඝාතනයට ලක්වූවත් මංගලගේ පෙම්වතිය නම් වෙඩි වැදී මිය ගියේ හෝ ඝාතනය වූයේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ පෙම්වතා වූ මංගල වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමය.
මෙම සිදුවීම් දෙකේම පොදු ලක්ෂණයක් වන්නේ මරණ දෙකම සිදුවන්නේ පෙම්වතිය විවාහයකට සූදානම් වන අවස්ථාවේදී වන බැවිනි. මංගලද සිය පෙම්වතියට ආදරෙන් සලකාගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලින් මේ වන විටත් පෙනී ගොස් හමාරය. ඇයට ඉඩමක් පවා මංගල ලබාදී ඇති බවද කියැවෙයි. ඒ ගැන තවදුරටත් ඇත්තේ විමර්ශන මට්ටමේය.
මංගලගේ පෙම්වතිය යැයි කියන තරුණිය සිට ඇත්තේ මෑතකදී විවාහයක් කර ගැනීමේ සූදානමිණි. අනාවරණය වෙමින් ඇති අකාරයට අනුව විවාහය සිදුවීමට නියමිතව ඇතැයි කියැවෙන්නේ දෙසැම්බරයේදීය. ඊට මංගල දක්වා ඇත්තේ දැඩි විරෝධයකි. මංගලයේ ඒ විරෝධය නිසා එම තරුණිය පමණක් නොව, වැඩිහිටියන්ද සිට ඇත්තේ දැඩි මානසික පීඩනයකට ලක්වය.
වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගත් 16 වෙනිදාත් මංගල උදෑසනම සුපුරුදු ලෙස ගියේ මෝටර් රථ අංගනයටය. එහි පැයක් හමාරක් ගත කළ ඔහු දිගන නගරයේ පිහිටි කාර්යාලයට ගොඩවදින්නේ පන්විල පැත්තේ ඇති ඉඩමක් ගැන සොයා බැලීමට යාමේ අදහසිනි.
මංගල කාර්යාලයට ගොඩවන විටම සේවිකාවක් කාර්යාල කාමරයට ගොඩවන්නේ ලිපිගොනු මිටියක්ද තුරුලු කරගෙනය. බොහෝ වේලාවක් ඇය කාර්යාල කාමරයේ රැඳී සිටියේ ලිපිගොනුවල ඇති ගැටලු තැන් ගැන මංගලගෙන් විමසා ඒවා නිවැරදි කරමිනි. මංගලගේ කාර්යාලයේ සේවයට ඇය පැමිණ ඇත්තේ මෑතකදීය. ඇය තරුණ කාන්තාවකි. ඇය මෙහි සේවයට එන්නේ හඟුරන්කෙත සිටය.
මංගලගේ පෙම්වතිය මැණික්හින්නේය. තිස් එක් වියැති ඇය මංගල සමඟ එකට වැඩ කරන්නේ වසර අට නවයක සිටය. මංගලගේ ව්‍යාපාර රහස් ගොන්නක්ම දැන සිටි එකම තැනැත්තිය වූයේ ඇයය. මංගලගේ බිරියවත් මංගලගේ ව්‍යාපාර ගැන කිසිවක් දැන නොසිටියාය. ඒ ඇය සිය සැමියාගේ ව්‍යාපාර ගනුදෙනු සඳහා මැදිහත් නොවූ තැනැත්තියක් වූ බැවිනි. ඇය කළේ දරුවන් තිදෙනා රැක බලාගෙන ගෘහණියගේ චරිතයට පණ පෙවීමය. ඇය සිය සැමියා කරන කියන දෑ මොනවාදැයි කියාවත් සොයා බලන්නට ගියේ නැත. ඒ ඇය සැමියා ගැන හොඳ හැටි දැන සිටි බිරියක් වූ බැවිනි. මංගලගේ පෙම්වතිය ගැන කිසිවක් දැන සිටියේ දැයි දන්නේ ඇය පමණි.
“තාම දෙන්නගේ ඔය නාඩගම ඉවර නැද්ද?“ මංගලගේ කාර්යාලයට ගොඩවූ මෑතක එක්වූ සේවිකාව බොහෝ වේලාවක් යනතුරුම පිටතට නොපැමිණිම හේතුවෙන් තරහෙන් පුපුරමින් සිටි මංගලගේ පෙම්වතිය මුහුණ රතු කරගෙන එකවරම කර්යාල කාමරයට ඇතුළු වෙමින් මහා හයියෙන් කෑමොර දෙන්නට ගත්තේ ද ඒ නිසා විය හැකිය.
ඇය කෑමොර දෙමින් කාර්යාලයට කඩා වදින්නට වූයේ මංගල එම සේවිකාව සමඟ අනඟ රැඟුමක් පාමින් සිටිනවා යැයි කියා විය හැකිය. මංගලගේ රියැදුරු ද කාර්යාල කාමරයේ රැඳී සිටින අයුරු ඇය දකින්නේ සියල්ල සිදුවීමෙන් අනතුරුවය.
මංගලට මෙහිදී ඇති වූයේ දැඩි ලජ්ජාවක් ද?, සිත්තැවුලක් ද? එසේත් නැතිනම් ආවේගයක් ද? යන්න වග දන්නේ ඔහු පමණි. ඔහු එකවරම අසුන් ගෙන සිටි සැප පුටුවෙන් නැගිට්ටේය. ඉනේ රුවාගෙන සිටි පිස්තෝලය අතට ගත් ඔහු ඒ සැණින් එය හිසට තබාගෙන කොකා ගැස්සුවේය. දිගන හොල්ලාගෙන සිටි මංගලගේ අවසානය සනිටුහන් වන්නේ එසේය.
මංගල එසේ අභිරහසක් ඉතිරි කරමින් මියැදෙන විට ඔහුගේ ගෝලබාලයන් හැසිරෙන්නට වූයේ මංගලගේ මරණයේ සැබෑ කතාව සමාජය හමුවේ වසන් කරන්නටය.
මංගලගේ ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ ඔහු 88-89 වකවානුවේ පැවති භීෂණයෙන් උපන් තැනැත්තෙක් බවය. එකල තෙල්දෙණිය, දිගන, අඹකොටේ වැනි ප්‍රදේශවල සන්නද්ධ කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා මුදල් එකතු කළ නියෝජිතයා වූයේ යැයි කියැවෙන්නේ මංගලය. භිෂණය භීෂණයෙන් මැඩලීමට එදා පැවති දේශපාලන අධිකාරිය තීරණය කිරීමෙන් පසු බුරුතු පිටින් හමුදාව සහ පොලිසිය එක්ව අල්ලාගත් තරුණ පිරිස් අතර මංගල ද සිටියේය. ඔහු හසුවන්නේ උප පොලිස් පරීක්ෂක ගාමිණි සෙනෙවිරත්න යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමකටය. එකල මංගලගේ ඉරණම විසදන්නට තීරණය වී තිබුණේ යැයි කියැවෙන්නේ ටයර් සෑයේ දවාය. අවසාන මොහොත් මංගලට අභයදානය ලැබෙන්නේ සැරයන් ආනන්දට පින්සිදු වන්නටය. ටයර් සෑයෙන් දිවි ගලවාගත් මංගලට එතැන් සිටි සිදුවන්නේ ගෝනි බිල්ලාගේ චරිතයට පණ පොවන්නටය. මංගල එදා ඔහුගේ දිවි රැක ගත්තේ එසේය.
මංගල පොලී මුදලාලි කෙනෙක් ලෙස කල එළි බසින්නේ භීෂණයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟිනි.
පරිස්සමට මුදල් කළමනාකරණය කිරීමෙන් ව්‍යාපාරිකයෙක් ලෙස ඉදිරියට ආ මංගල බලවත් චරිතයක් ලෙස ඉස්මතු වන්නේ ගෙවී ගිය වසර දහපහළොව තුළදීය. ඒ් අැතැම් දේශපාලන බලවතුන්ගේ සමීපතමයන් කිහිප දෙනෙක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන්නට ගැනීමත් සමඟිනි. එම දේශපාලන බලවතුන්ගේ සමීපතමයන් පවා ඔහු සතු මුදල් දෙගුණ තෙගුණ කර ගැනීමට ආයෝජනය කළේ යැයි කියැවෙන්නේ මංගල ළඟය. මුළු දිගනම ඔහු හොල්ලා ගෙන සිටියේ එම හයියෙනි. ඒ ශක්තිවන්තයා අවසානයේදී සිය ජීවිතයේ 53 වැනි කඩඉම පසු නොකරම අකාලයේ මියැදෙන්නේ ගැහැනු පරාණයක් නිසා බව නම් පැහැදිලිය.