ජයKing වැඩිම ගාණKing රජ වෙන්න | සිළුමිණ

ජයKing වැඩිම ගාණKing රජ වෙන්න

60 දශකයේ අවසන් වකවානුව වනවිට ජාතික ලොතරැයිය සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබිණි. එම කාලයේ නව ලොතරැයියක අවශ්‍යතාව මතුවන්නට විය.

ලොතරැයිය කලාවක් නම්, ඒ කලාව පාරිභෝගිකයාගේ පුරුද්දක් බවට පත් කළේ ලොතරැයියේ මහගෙදර වන ජාතික ලොතරැයි මණ්ඩලයයි. ලංකාව තුළ ලොතරැයිය මුල් බැස ගැනීමට පෙර ලොතරැයි ඉතිහාසය දෙස හැරී බැලුවහොත්, ලොව ප්‍රථම ලොතරැයිය නිර්මාණය වන්නේ චීන දේශයේ හන් පෙළපතේ පාලන කාලයේදීය. එය රට තුළ පවතින සුවිසල් ව්‍යාපෘති සඳහා අරමුදල් ප්‍රතිපාදනය කර ගැනීම සඳහා සිදු කරන ලද්දකි. මින් අනතුරුව ලෝකයේ නන් දෙස ප්‍රචලිත වූ ලොතරැයියේ ලංකාගමනය සිදු වන්නේ 1940 පමණ ආරම්භ වූයේ යැයි සැලකෙන ජිම්කානා ලොතරැයියත් සමඟය. එය රාජ්‍ය අනුග්‍රහයකින් සිදු නොවූවක් වන අතර, 1955 අංක 4 දරන ආරෝග්‍යශාලා ලොතරැයි පනත මඟින් ආරෝග්‍යශාලා ලොතරැයිය අරඹනු ලැබීය. රටේ සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් මේ ලොතරැයිය ආරම්භ කරන ලදි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භය 1960 දශකයේ ආරම්භක අවධිය ගෙවී යත්ම රටේ සංවර්ධන ක්‍රියාදාමයට මුදල් උපයා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට එවකට පැවති රජයට සිදු විය. මෙතෙක් වෛද්‍ය සහ සෞඛ්‍ය සේවාවන්ට මුදල් උපයා දුන් ආරෝග්‍යශාලා ලොතරැයිය රටේ සංවර්ධන කාර්යය සඳහාද යොදා ගැනීමේ අරමුණ ඇතිව 1963 අංක 11 දරන මුදල් පනත මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකරනු ලැබීය. එහි ප්‍රථම සභාපතිවරයා වීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේටය.

60 දශකයේ අවසන් වකවානුව වනවිට ජාතික ලොතරැයිය සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබිණි. එම කාලයේ නව ලොතරැයියක අවශ්‍යතාව මතුවන්නට විය. එය සපුරාලමින් 1969 වසරේදී මසකට වරක් දිනුම් අදින ජාතික සම්පත නමින් නව ලොතරැයියක් කලඑළි බසින ලදී.

මහජන සම්ප‍ෙතහි මංගල දිනුම් ඇදීම 1970 ජුලි 28 වැනිදා, එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 2005 වසරේදී ජනප්‍රියම වෙළෙඳ නාමයට හිමි අයිකොන් සම්මානයෙන්ද මහජන සම්පත පිදුම් ලැබීය. ප්‍රධාන කාර්යාලයේදීද දිනුම් අදින ලද ලොතරැයි තවදුරටත් එසේ සිදු නොකර 195 දිනුම් වාරයේ සිට මහජන සම්පත ලොතරැයිය රූපවාහිනි තිරය ඔස්සේ මුළු රටක් ඇමතීය. මේ මංගල රූපවාහිනී දිනුම් ඇදීම සිදු කෙරුණේ 1988 මැයි 10 වෙනිදාය. මෙම දිනුම් ඇදීමේ වැඩසටහන සම්පත් රේඛා නමින් හැඳින්විණි. තවමත් ආදේශයක් නිර්මාණය නොවු ප්‍රවීණ ජ්‍යේෂ්ඨ නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් හා ජ්‍යේෂ්ඨ නිවේදිකා රේණුකා බාලසූරිය මෙම වැඩසටහන ඉදිරිපත් කරන ලදී.

මේ අයුරින් සංධිස්ථාන රැසක් පසු කරමින් ආ මහජන සම්පත ලොතරැයිය අද වන විට 5000 වන දිනුම් වාරයට පා තබමින් සිටියි. ලංකාවේ වැඩිම වාර ගණනක් දිනුම් අදිනු ලැබූ ලොතරැයිය බවට ඉතිහාසගත වී රන් අකුරින් ලියැවෙන දිනය 2023 ජනවාරි 14 වන දින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි ඉතා ආඩම්බරයෙන් මෙයින් දැනුම් දී සිටිමු.

එසේනම්, ලංකාවේ පළමු වතාවට වැඩිම ගාණKing රජ වෙන්න සූදානම් වෙන්න.

මහජන සම්පත ජයKing 5000 ත්‍යාග රටාව පාරිභෝගිකයන්ගේ සහ අලෙවි නියෝජිත ජාලයේ ඉහළ ආකර්ෂණයක් ලබා ගැනීම සඳහා පාරිභෝගික ස්තර කිහිපයක් ආවරණය වන පරිදි මුදල් හා භාණ්ඩ ත්‍යාග රැසක් අතිරේක ත්‍යාග ලෙස ඇතුළත් කරමින් රු.100/- ද්විත්ව ලොතරැයිපතක් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබයි. මෙහිදී මෙම ලොතරැයිය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. 1 කොටස - සාමාන්‍ය මහජන සම්පත දිනුම් වාරයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 06ක් තෝරා ගැ‍නේ. මෙහිදී සුපුරුදු පරිදි කෝටිය ඉක්මවූ සුපිරි ත්‍යාගය සමඟ රු. ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග, ලක්ෂයේ ත්‍යාග සහ අනෙකුත් මුදල් ත්‍යාග ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඇත. 2 කොටස - මහජන සම්පත ජයKing 5000 පළමු සුපිරි ත්‍යාගය - පළමුව තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 03 ගැළපීමෙන් රු. මිලියන 11ක් පමණ වටිනා සුඛෝපභෝගී SUV මෝටර් රථයක් දෙවැනි සුපිරි ත්‍යාගය - දෙව­ැනුව තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 03 ගැළපීමෙන් රු. ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් හිමි අතර තවත් ත්‍යාග හා දීමනා ඇතුගත් වේ.

මෙලෙස විශේෂ දිනුම් ඇදීමේ දිනය එළඹෙන තෙක් සතිපතා තෑගි 1000ක් බැගින් සති පහක් අවසානයේ තෑගි 5000ක් දිනාගත හැකිය.

ලොතරැයි මහගෙදර, ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩිම වාර ගණනක් දිනුම් අදින ලද මහජන සම්පත අභිමානවත් 5000 වන ඉතිහාසගත දිනුම් ඇදීම 2023.01.14 දින උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට නියමිතය.‍

Comments