
අහස සිඹින විසල් ගොඩනැඟිලි සහිත කොන්ක්‍රිට් කාන්තාරයෙන් මඳකට හෝ බැහැරව, ඉස්පාසුවක් නැතිව ගෙවෙන අවිවේකී බවට සමුදී නිහඬ නිසංසල සුන්දර පරිසරයක ජීවත් වන්නට ඇත්නම් එය සිතටත් ගතටත් අපූරු සුවයක්ම වනු ඇත. එය ස්වභාව ධර්මයේ ආශ්චර්යයන්ගෙන් ආභාසය ලබා නිර්මාණය කර ඇති ස්ථානයක් නම් ඒ සුවය, සැනසීම තවත් දෙගුණ තෙගුණ වනු නොඅනුමානය.
සුන්දර සිහිලැල් කන්ද උඩරට පිහිටි Hanthana Eco Lodge නිවාඩු නිකේතනය එකී ගුණාංගවලින් සමන්විත අගනා නිවාඩු නිකේතනයකි. පරිසරලෝලීන් මන්මත් කරවන ඝන වන රක්ෂිතවලින් වටවූ පරිසරයක, මනරම් කුඩා දියඇල්ලක් අසල පිහිටි මෙම නවාතැන සුන්දර සහ නිස්කලංක ලොවකට ඔබව සාදරයෙන් පිළි ගනී.
Hanthana Eco Lodge නිවාඩු නිකේතනය සොබාදහමේ හා සුඛෝපභෝගිත්වයේ අංගසම්පූර්ණ සම්මිශ්‍රණයකැයි කීම නිවැරැදිය. මහනුවර නගරයේ සිට කිලෝමීටර 8ක දුරින්, මුහුදු මට්ටමේ සිට අඩි 2,500කට ඉහළින් පිහිටි Hanthana Eco Lodge නිවාඩු නිකේතනයට සොඳුරු පාරාදීසයක් බඳු හන්තාන කඳු වැටිය හා ඉන් එපිට පිහිටා ඇති තේජාන්විත කඳු වැටි අපූරුවට දිස්වේ. ඒ අපූර්වත්වය සිය නිවාඩු නිකේතතයට පැමිණෙන අමුත්තන් හට නොඅඩුව ලබා දීම සඳහා Hanthana Eco Lodge කළමනාකාරීත්වය විසින් සුවපහසු විලා තුනක් නිර්මාණය කර ඇත. ත්‍රාසජනක අත්දැකීම් විඳින්නට කැමති රසකාමීන්ට නිවාඩු නිකේතන පරිශ්‍රයේ ඇති කුඩා දියඇල්ල සමීපයේ පිහිටි Cabin @ Creek හා The Camp හරහා නව අත්දැකීමක් අත්විඳින්නට ද අවස්ථාව ඇත.
Hanthana Eco Lodge නිවාඩු නිකේතනය පුරා ඇති නිස්කලංක සුන්දරත්වය අපූරු මායාවක් බඳුය. එය ඔබ කඳුවැටිවලදී අත්විඳිය හැකි උසස් ගණයේ පාරිසරික වික්‍රමයන්හි නිරත වන්නට ද අවස්ථාව සලසා දෙයි. සුන්දරත්වය මෙන්ම Hanthana Eco Lodge නිවාඩු නිකේතනය පුරා දිස් වන පරිසර හිතකාමි නිර්මාණ සැලසුම පිළිබඳ ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. වන රක්ෂිතයකින් වටව පිහිටි Hanthana Eco Lodge හන්තාන කඳුවැටියට අනන්‍ය වූ පාරිසරික සමතුලිතතාව මනාව පවත්වා ගනිමින්, භූමියෙහි ස්වාභාවික භූ දර්ශනය ආරක්ෂා කරමින් ඉදි කරන ඇත. හරිත පැහැයෙන් දිදිලුන වෘක්ෂලතා ඇසට සිසිල් සුන්දර දසුන් මවන අතර, එහිදී දැකගත හැකි වන සත්ත්වයන්ගේ පවා දක්නට ලැබෙන්නේ මින් පෙර නොදුටු සමීපතාවකි. ඒ නිසාම මෙය ලෝක උරුමයක් වන හන්තාන කඳු වැටිය සහ වනජීවීන් ගවේෂණය කිරීමට කදිම තේරීමක් බව කිව යුතුමය.
නගරයේ කලබලකාරිත්වයෙන් ඉවත්ව සොබාදහමත් සමඟ සමීප වීමට පවුල, මිතුරන් හෝ ප්‍රේමණීයයන්ට එක්ව ගත කිරීමට අපූරු ස්ථානයක් වන Hanthana Eco Lodge නිවාඩු නිකේතනය සොබාදහමේ සහ සුඛෝපභෝගිත්වයේ අපූරු සංකලනයක් වීම එහි ඇති විශේෂත්වයයි. සොබාදහමේ සුන්දරත්වය විඳිමින් සීතල කඳුකරයේ සුන්දරම ස්ථානයක් වන Hanthana Eco Lodge නිවාඩු නිකේතනයේ ලැගුම් ගෙන සිටින ඔබට උසස්ම ගණයේ ශ්‍රී ලාංකේය තේ කෝප්පයක් රස විඳීමට ලැබීම කොතරම් ආනන්දනීය හැඟීමක් වනු ඇත්ද? ඒ අත්දැකීම අඩුවක් නැතිව සිය නිවාඩු නිකේතනය වෙත පැමිණෙන අමුත්තන්ට ලබා දීමට Hanthana Eco Lodge කළමනාකාරීත්වය කටයුතු කර ඇත.
මෙම සුන්දර කඳුකර නවාතැන ඔබට අංගසම්පූර්ණ සත්කාරකත්වයක් සපයන අතර, ඔබ එහි නවාතැන් ගන්නා කාලය අමතක නොවන අත්දැකීමක් කිරීමට කැප වී සිටින උසස්, ගුණාත්මක පුහුණුවකින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සමන්විතය. ඔබ Hanthana Eco Lodge නිවාඩු නිකේතනයට ඇතුළු වූ මොහොතේ සිටම සුහදශීලි ළෙන්ගතු හෘදයංගම පිළිගැනීමක් ලබා දෙන ඔවුහු ඔබ එහි ගත කරන කාලය මුළුල්ලේම ඒ සුහදශීලී සහ ආචාරශීලි බව නොඅඩුව ලබා දෙති.
ඕනෑම හෝටලයකට, නිවාඩු නිකේතනයකට පැමිණෙන අමුත්තන් සැලකිලිමත් වන අංග අතර ආහාරපානවලට මුල් තැනක් හිමි වේ. Hanthana Eco Lodge නිවාඩු නිකේතනය ද සිය අමුත්තන්ට ඉස්තරම්ම වර්ගයේ ප්‍රණීත ආහාරපානවලින් සංග්‍රහ කරන්නට සැදී පැහැදී සිටිති. විශේෂයෙන්ම එකී ප්‍රදේශයට ආවේණික ආහාරපාන පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති දක්ෂ සූපවේදීන් විසින් සකස් කරන සැබෑ ශ්‍රී ලාංකික රසයෙන් යුතු ආහාරපාන මෙන්ම ලෝ ප්‍රකට රසයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර මට්ටමේ ආහාරපාන ද සමඟින් අද්විතීය සූපශාස්ත්‍ර අත්දැකීමක් විඳගන්නට Hanthana Eco Lodge නිවාඩු නිකේතනයේදී ඔබට අවස්ථාව ලැබේ.
Hanthana Eco Lodge නිවාඩු නිකේතනය සතු සෑම විලාවක්ම හොඳින් ඉඩකඩ සහිත වන අතර, වායුසමීකරණය, hot water showers, minibar, රූපවාහිනී සහ ගිමන් හැරීමට හා පරිසරය විඳීමට පෞද්ගලික සඳළුතලයක් වැනි පහසුකම්වලින් සමන්විත වේ.
එහි ලැගුම් ගන්නා අමුත්තන්ට උදෑසනම ඇසෙන්නේ සියොතුන් කිචිබිචි හඬින් ගයන මනහර ගීතයන්ය. සඳළුතලයට පැමිණ විට සුන්දර කඳුවැටි සිපගෙන හමා එන සිසිල් සුළඟින් ගතට දැනෙන ප්‍රබෝධය ඔබේ හදවත චමත්කාරයෙන් පුරවනු නිසැකය.
මේ සියලු කරුණු සමඟ බලන විට Hanthana Eco Lodge යනු සොබාදහමේ අපූර්වත්වය සහ නවීන පහසුකම් සහිත සුව පහසුවේ පරිපූර්ණ සංකලනයකි. එය ඔබේ හදවත විවේකයෙන් සහ සුන්දරත්වයෙන් පුරවා සැබෑ වින්දනයක් ලබා දෙයි. එපමණක් නොව විස්මිත කඳුකරයේ ත්‍රාසජනක අත්දැකීමක් ලබන්නට ද එය ඔබට කදිම වේදිකාවක් තනනු ඇත. මේ සුන්දර පාරාදීසය පිළිබඳ වැඩි විස්තර 0776 550 911 / 0777 750 911 මඟින් හෝ www.facebook.com/HanthanaEcoLodge/ හෝ www.hanthanaecolodge.com වෙත පිවිසීමෙන් දැනගත හැකිය.