
සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණීය මාංශමය ආහාර පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කීර්තියක් උසුලන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පුළුල් බෙදාහැරීමේ ක්රමෝපායක් සමඟින් මෙරට ශීතකළ ක්‍රිස්පි චිකන් වෙළෙඳපොළ තුළ සිය මෙහෙයුම් වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
Crizzpys සන්නාමය යටතේ වෙළෙඳපොළට පිවිසෙන මෙම නිෂ්පාදනය, නැවුම් සහ සුරක්ෂිත පෝෂණ සංඝටකවලින් අනූන මෙන්ම, ප්‍රතිඔක්සිකාරකවලින් තොර හරිතහරි චිකන් කාණ්ඩය යටතේ වෙළෙඳපොළට පිළිගැන්වෙයි. පාරිභෝගිකයින්ගේ කැමැත්ත අනුව ගුණාත්මක තත්ත්වයේ ක්ෂණික ආහාර වෙත මාරුවීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතියි.