
ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, සිය People’s Wiz Credit ඩිජිටල් ණය අනුමත කිරීමේ පහසුකම තුළින් බලගැන්වුණු 300 වැනි ශාඛාව බවට ගන්දර ශාඛාව පත් කරන ලදි.
මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය විසිහතරක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit ක්‍රියාත්මක වේ. පුද්ගලික ණයක් ලබාගැනීමේ දී සිදුකළ යුතු කාර්යයන් රැසක් කඩදාසි භාවිතය අවම කරමින් ඩිජිටල් ක්‍රියාවලියක් ඔස්සේ සිදුකිරිම මේ තුළින් සිදුවේ.