සෙලාන් බැංකුවට රිදී සම්මානයක් | සිළුමිණ

සෙලාන් බැංකුවට රිදී සම්මානයක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උලෙළේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම්වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උලෙළේ මූලික අරමුණ වී තිබිණි.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාව තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුවේ සංකල්පයකට අනුව ආරම්භ කළ Responsible Me වැඩසටහනට මෙම සම්මාන උලෙළේ ‘Best Cause, Charity Marketing or Public Sector Campaign’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය.

Comments