ඇලරික්ස් අයිස්ක්‍රීම් රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි | සිළුමිණ

ඇලරික්ස් අයිස්ක්‍රීම් රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

ඉකුත් දා පැවති SLIM Brand Excellence සම්මාන උලෙළේදී ‘Best Turnaround Brand of the year’ සහ ‘SME Local Brand of the Year’කාණ්ඩවල රන් සම්මාන දිනා ගැනීමට ඇලරික්ස් අයිස්ක්‍රීම් සමාගම සමත් විය. ඇලරික්ස් ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ද සිල්වා පැවසුවේ ඇලරික්ස් සමාගමටම ආවේණික වට්ටෝරු සමඟ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින්, සහනදායී මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිෂ්පාදන හඳුන්වා දෙමින් ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට දොරින්දොර කියැවෙන නාමයක් බවට පත්කිරීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩල ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනා විශාල දායකත්වයක් ලබා දුන් බවයි.

 

Comments