ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ට රන් සම්මානයෙන් පිදුම් ලැබූ DIMO | සිළුමිණ

ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ට රන් සම්මානයෙන් පිදුම් ලැබූ DIMO

2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උලෙළේදී 'සමස්ත රන් සම්මානය' දිනා ගැනීමට DIMO සමාගම සමත් වූ අතර, එම සම්මාන උලෙළේදීම 'විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ' සඳහා, 'ඒකාබද්ධ චින්තනය' සඳහා මෙන් ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා 'හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට' ද හිමි විශේෂ සම්මාන ද එම සමාගමට හිමි විය.

'ශ්‍රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත' යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.

Comments