යූනියන් ඇෂුවරන්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක සෙනත් ජයතිලක | Page 2 | සිළුමිණ

යූනියන් ඇෂුවරන්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක සෙනත් ජයතිලක

මෙරට පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස සෙනත් ජයතිලක පත්කර ඇත. මීට පෙර හෙතෙම එම සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී ලෙස කටයුතු කළේය.

2007දී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වූ සෙනත් ජයතිලක, 2019දී යූනියන් ඇෂුවරන්ස් සමාගමට එක්වීමට පෙර ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු ද වන ඔහු, ආයතනික කළමනාකරණය සම්බන්ධයෙන් දශක එකහමාරකට අධික පළපුරුද්දක් හිමි වෘත්තිකයෙකි. එක්සත් රාජධානියේ නොටින් හැම් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය සහ ගණකාධිකරණය සම්බන්ධයෙන් ගෞරව උපාධියක් ලබා ඇත. සෙනත් ජයතිලක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන අතර, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය ද දරයි.

Comments