5 වැනි සංවත්සරය සැමරූ The Business School | සිළුමිණ

5 වැනි සංවත්සරය සැමරූ The Business School

දේශීය සහ ජාත්‍යන්තර ව්‍යවසායකයන් බිහි කරන The Business School ආයතනයේ පස් වැනි සංවත්සරය ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුවගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා මහනුවර, අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක හා අභිප්‍රේරක සුරාජ් රණසිංහ, ඔක්ටාන් සමූහ ව්‍යාපාරයේ අධිපති ලක්ෂ්මන් විතානාරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ ආයතනයේ නිර්මාතෘ නුවන් සජීවක ජයකොඩි, සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ධම්මික දුලේන්ද්‍ර හේරත්, විදුහල්පති තුෂාර දිසානායක, TBS උපදේශක මණ්ඩලය, TBS කළමනාකරණ මණ්ඩලය, TBS දේශක මණ්ඩලය, සිසුන්, ව්‍යවසායකයන් සහ මවුපියන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

Comments