කාගිල්ස් වෙතින් සුවි­සල් බෙදා­හැ­රීමේ මධ්‍ය­ස්ථා­න­යක් | සිළුමිණ

කාගිල්ස් වෙතින් සුවි­සල් බෙදා­හැ­රීමේ මධ්‍ය­ස්ථා­න­යක්

කටානේ දී විවෘත වූ නව බෙදා හැරීමේ මධ්‍ය­ස්ථා­නය
කටානේ දී විවෘත වූ නව බෙදා හැරීමේ මධ්‍ය­ස්ථා­නය

 

තළිස් වසරක ජයග්‍රාහී ඉතිහාසයක් හිමි කාගිල්ස් සිලෝන් සමාගම, සිය නවතම මධ්‍යගත බෙදාහැරීමේ මධ්‍යස්ථානය ඉකුත් දා කටානේදී විවෘත කළේය.මෙරට විශාලතම ආහාර නිෂ්පාදනය ජාලයක් සහිත කාගිල්ස් සමාගමේ නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය, අක්කර 28ක සුවිසල් භූමි භාගයක පිහිටා ඇති අතර, මේ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 4කි.

 

මෙම මධ්‍යස්ථානය හරහා දිනකට ඝන අඩි 50,000 ක ප්‍රමාණයක් බෙදාහැරීමේ පහසුකම් පවතින අතර, වර්ග අඩි 325,000 පුරා නවීන තාක්ෂණය යොදා ගනිමින් නිමවා ඇත්තේ පිරිවැය අඩු කිරීමේ සිට දේශීය ව්‍යාපාර සංවර්ධනය කිරීම දක්වාම වෙන් කර ඇත්තේ ඍජුවම පාරිභෝගිකයන් වෙත ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙනි.

මෙහි රථ ගාල නවීකරණය කරන ලද ප්ලාස්ටික් ඇස්පෝල්ට් තාර හෙවත්, PMAC භාවිතයෙන් සකස් කර ඇති අතර, ඒ සඳහා ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 4,600ක් භාවිත කර තිබීම විශේෂත්වයකි.

කාගිල්ස් සභා­පති ලුවී පේජ් සහ රංජිත් පේජ්.

" මෙය විවිධ බාධා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීම සඳහා කාගිල්ස් අප ගත් තවත් අභියෝගයක්. කුඩා ව්‍යාපාර ප්‍රජාවට වර්ධනයක් සහ නව්‍යකරණයක් ගෙන ඒම තුළින් දේශීය ආර්ථිකයට සවියක් වීම අපගේ ප්‍රධාන අරමුණයි. කාගිල්ස් අපි වැඩ කරන්න බැඳිලා ඉන්නේ මේ රටටයි. 500ක් වන කාගිල්ස් අලෙවිසල් ජාලය තුළ සේවය කරන දහස් ගණනක් සේවක පිරිස සහ ඒ වටා රොක් වී සිටින 20,000 ඉක්මවා ගිය ගොවි, ධීවර ප්‍රජාව, 900ක් තරම් වන සැපයුම්කරුවන් සහ ඒ අතරින් 320 ක් පමණ වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සියලු දෙනා ඒ සද් කාර්යයේ කොටස්කරුවන්.

ඒ වගේම මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන් පවා එහි කොටස්කරුවන්. විශේෂ වට්ටම් සහ අනෙකුත් මිලදී ගැනීමේ දිරිගැන්වීම් ලබා දීමෙන් සහ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් ජීවන වියදම අඩු කර ගැනීමට අප විශාල උත්සාහයක් දරනවා..." නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත වන අවස්ථාවේදී කාගිල්ස් උපසභාපති රංජිත් පේජ් එසේ පැවසීය.

ඡායාරූප - විමල් කරුණාතිලක

 

Comments