
ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය මනාව සමීක්ෂණය කිරීමට මහජනයාට පහසුකම් සැලසීම උදෙසා 2003 වසරේ සිට විධිවිධාන සැලැස්වීම උදෙසා මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත ස්ථාපිත කරන ලදී. ඒ හරහා ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපාය වගකීම් සහිත මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය මත පදනම් විය යුතු බව දැක්වේ. වගකීම් සහිත මූල්‍ය කළමනාකරණ මත ආණ්ඩුවේ ක්‍රමෝපායන් පදනම් විය යුතු බවද එහි දැක්වේ.
එහි දැක්වෙන්නේ වර්ෂ 2006 අවසානයේදී අයවැය පරතරය, ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක් නොඉක්මවන බවට සහ එම මට්ටම් ඉන්පසු දිගටම පවත්වා ගෙන යනු ලබන බවට වගබලා ගැනීමෙන් ආණ්ඩුවේ ණය දූරදර්ශී මට්ටම් දක්වා අඩු කිරීම. යනුවෙනි. ඒ යටතේම ආණ්ඩුවට මුහුණ පෑමට සිදු වන මූල්‍යමය අවදානම් වෙනස්වන ආර්ථික පරිවේෂණ සැලකිල්ලට ගනිමින් දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීමත් ආණ්ඩුවේ ණය අධිකතර මට්ටම්වලට ඉහළ නොනගින පරිදි වියදම් පිළිබඳ ප්‍රතිපත්ති යොදා ගැනීමත් දක්වා ඇත.
2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යනුවෙන් දක්වා ඇති මේ පනත හරහා මූල්‍ය කළමනාකරණය විධිමත්ව සිදු කිරීමට පිටුබලයක් සකසා ගැනීමට ඉදිරිපත් කර තිබුණි.
ඒ යටතේ විශේෂයෙන්ම වැදගත් වන්නක් ලෙස දැක්වුණේ අනාගත බදු අනුප්‍රමාණ යුක්ති සහගත ස්ථායිත්ව මට්ටම්වලට සහ කල් තබා දැකිය හැකි මට්ටම්වලට අනුකූල වන සේ වියදම් හා බදු අය කිරීමට අදාළ ප්‍රතිපත්ති යොදා ගැනීමයි.
එමෙන්ම ඇප වීම ලෙස ගණන් බලන ලද සහ පවත්නා මුදල් වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ සියයට ප්‍රමාණයක් ලෙස ඊට ඉහතින්ම වූ මුදල් වර්ෂ දෙකේ ප්‍රමාණය සමඟ දෙන ලද මුදලේ මුළු එකතුව වර්ෂයකට 4.5% නොඉක්මවන බවට සහතික වීම ද අඩංගුය.
එම පනතේ වැදගත්ම වගන්තියක් ලෙස දැක්විය හැක්කේ ‘ 2006 ජනවාරි 1 වන දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය අවසානයේ දී (එවකට පවත්නා විනිමය අනුප්‍රමාණ අනුව ගණන් බලනු ලබන බාහිර ණය ඇතුළුව) ආණ්ඩුවේ මුළු බැරකම් ඒ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට අසූපහක් නොඉක්මවන බවට සහ 2013 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය අවසානයේදී (එවකට පවත්නා විනිමය අනුප්‍රමාණය අනුව ගණන් බලනු ලබන බාහිර ණය ඇතුළුව) ආණ්ඩුවේ මුළු බැරකම් ඒ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැටක් නොඉක්මවන බවට සහතික වීමයි.
එමෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී අනාගත පරම්පරා කෙරෙහි ඇති කරනු ලැබිය හැකි මූල්‍ය බලපෑම් ගැන සලකා බලා එම තීරණ ගනු ලබන බවට සහතික වීමද දක්වා තිබේ.
සංවර්ධනය වෙමින් පවතින රටකට එම නිර්දේශය ලබා දී ඇත්තේ රටේ අනාගතය දෙස මනා අවබෝධයෙන් සලකමින් බව එයින් පැහැදිලිය.
මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ප්‍රකාශය යටතේ මේ පනතේ අර්ථ දක්වා ඇති ආකාරයට සෑම වර්ෂයකම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී දෙවන වරට කියවීමට නියම කරන ලද දිනයේදී, ආණ්ඩුවේ ප්‍රකාශය මහජනයා වෙත ප්‍රචාරය කිරීමට සහ පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතුය.
එසේම ඊළඟ මුදල් වර්ෂයට සහ ඉන්පසු එළඹෙන අනුයාත මුදල් වර්ෂ දෙකට අදාළව විශේෂ තොරතුරු අයවැය ආර්ථිකය සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අන්තර්ගත විය යුතු බවද එහි දක්වා තිබේ.
ඒ අනුව අයවැය ආර්ථිකය සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අන්තර්ගතය යටතේ,
( අ) දළ දේශීය නිෂ්පාදිතයට සම්බන්ධ ඇස්තමේන්තු ;
(ආ) පාරිභෝගික මිල ගණන්වලට සම්බන්ධ ඇස්තමේන්තු;
(ඇ) රැකියාව සහ විරැකියාවට සම්බන්ධ ඇස්තමේන්තු ;
(ඈ) ගෙවීම් ශේෂවල වර්තමාන ගිණුම් තත්ත්වය සම්බන්ධ ඇස්තමේන්තු
(ඉ) ආදායම් සහ වියදම් සම්බන්ධ ඇස්තමේන්තු ;
(ඊ) ආණ්ඩුව විසින් ගනු ලබන ණය සම්බන්ධ ඇස්තමේන්තු සහ ඒ සියල්ලටම ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී උපයෝගී කර ගනු ලැබූ පදනම, ආර්ථික හෝ වෙනත් දේ සඳහන් විය යුතුය.
එමෙන්ම එවැනි ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී උපයෝගී කර ගනු ලැබූ ආර්ථික හෝ වෙනත් පදනම විෂයෙහි ලා සිදු විය හැකි වෙනස්වීම් කෙරෙහි බලපාන එම ඇස්තමේන්තුවල සංවේදිතාවට අදාළ ප්‍රකාශයක් ද අඩංගු විය යුතුය.
මීට අමතරව මුදල් වර්ෂයක් වෙනුවෙන් අවසාන අය වැය තත්ත්වය පිළිබඳ වාර්තාවට අඩංගු විය යුතු කරුණුද මේ පනතේ පැහැදිලිව දක්වා තිබේ.
(අ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ වියදම සහ සැබවින් දරන ලද වියදම පිළිබඳ ප්‍රකාශයක්;
(ආ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ ආදායම සහ සැබෑ ආදායම පිළිබඳ ප්‍රකාශයක්;
(ඇ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ මුදල් ගලනය සහ සැබෑ මුදල් ගලනය පිළිබඳ ප්‍රකාශයක්;
(ඈ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ ණයට ගැනීම් සහ සැබෑ ණයට ගැනීම් පිළිබඳ ප්‍රකාශයක්;
(ඉ) ඒ මුදල් වර්ෂය අවසානයේදී ආණ්ඩුවේ මුදල් තත්ත්වය ප්‍රමාණවත් ලෙස පිළිබිඹු කිරීමට අවශ්‍ය වෙනත් ප්‍රකාශ.
ඒ අනුව ඇස්තමේන්තුගත කළ ආදායමේ හෝ මුදල් ගලනයේ යම් හිඟතාවක් ඇති වුවහොත් ණයට ගැනීම්වලට හෝ අතිරික්තයක් ඇත්නම් එය හෝ අවසාන අයවැය වාර්තාවට එය ඇතුළත් විය යුතු බවට වූ විනිවිදතාවයක්ද දක්වා තිබේ.
මීට අමතරව තවත් විශේෂිතම කරුණක් ලෙසින් දක්වා ඇත්තේ මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධ වූ ප්‍රකාශයයි. එය අංක 16 යටතේ දක්වා තිබේ.
ඒ යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ ආඥාවක් ප්‍රසිද්ධ කර සති තුනක් ඇතුළත දී, රටේ මුදල් තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජනයා වෙත නිකුත් කිරීමට මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කටයුතු යෙදිය යුතු වේ.
එමෙන්ම අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස් වූ දින සිට සති දෙකක් තුළදී (1) වන උපවගන්තියේ සඳහන් වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.
එසේම තත්කාලීන මුදල් වර්ෂය සඳහා වූූ පහත දැක්වෙන තොරතුරු මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ සෑම වාර්තාවකම අන්තර්ගත විය යුතු බවද එහි දැක්වේ.
ඒ අනුව මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ අන්තර්ගතයන් අතර ප්‍රධාන වන්නේ ආදායම සහ වියදම පිළිබඳ ඇස්තමේන්තුයි. ඊට අමතරව ආණ්ඩුවේ ණය පිළිබඳ ඇස්තමේන්තුවක් ද ඇතුළත් විය යුතු බව එහි දැක්වේ.
එම ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී උපයෝගී කොට ගත ආර්ථික සාධක සම්බන්ධයෙන්ද එහි පැහැදිලිව දක්වා තිබේ. විශේෂයෙන්ම මුදල් තත්ත්වය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන සාධක කෙරෙහි අවධානය යොමු විය යුතු බව එහි පැහැදිලිව දක්වා තිබේ.
(I) යම් පනතක් යටතේ ආණ්ඩුව විසින් දෙන ලද ඇපකර සහ මුක්තිදාන ඇතුළු අවිනිශ්චිත බැරකම් ;
(II) ඉහත (අ) ඡේදයේ සඳහන් ඇස්තමේන්තුවල ඇතුළත් නොකළ, ආණ්ඩුව විසින් වැය කරනු ලබන බවට ප්‍රසිද්ධියේ පළ කරන ලද යෝජනා ;
(III) කෙරීගෙන යන අවසන් නොවු ආණ්ඩුවේ ප්‍රමත්ත්‍රණ ;
වැනි ප්‍රමාණිකෘත කළ අවදානම් පිළිබඳ, ප්‍රායෝගිකව, කළ හැකි තාක් දුරට, පිළියෙල කළ ප්‍රකාශයක්; සහ
(ඉ) එකී වාර්තාවේ දිනයේ දී පැවති මූල්‍ය තත්ත්වය යුක්ති සහගතව පිළිබිඹු කර දැක්වීමට අවශ්‍ය වෙනත් තොරතුරු.
(2) මුදල් තත්ත්වය පිළිබඳව සැලකිය යුතු බලපෑමක් ඇති කරන ආණ්ඩුවේ යම් තීරණයක් හැකිතාක් පුළුල් ප්‍රමාණයට (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ තොරතුරුවලට ඇතුළත් විය යුතු ය.
(3) යම් තොරතුරක් හෙළිදරව් කිරීම, අමාත්‍යවරයාගේ ලිඛිත මතය ප්‍රකාර -
(අ) ජාතික ආරක්ෂාවට අගතිකාරී වන ;
12 (ආ) ප්‍රමාන්ත්‍රණවල දී, නඩු පැවරීමේ දී හෝ වාණිජ කටයුතුවල දී, ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රමාණයට අසීරු තත්ත්වයකට පත් වන, මැතිවරණ හා සම්බන්ධ අය වැය කටයුතු සමබන්ධයෙන්ද 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යටතේ පැහැදිලි කිරීම් මඟින් දක්වා තිබේ.
ඒ අනුව යම් තොරතුරක් මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවට ඇතුළත් කළ යුතු යැයි මේ වගන්තියේ ඇතුළත් කිසිවක් කියවා තේරුම් නොගත යුතු බවට එහි දැක්වේ..
විශේෂයෙන්ම ‘මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක ඇතුළත් කළ යුතු යයි නියමිත යම් තොරතුරක්, කලින් වු අයවැය ආර්ථික හා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක හෝ වර්ෂය මැද අයවැය මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක ඒ කාරණය සම්බන්ධයෙන් ඇතුළත් කොට තිබුණු තොරතුරුවලින් නොවෙනස්ව පවත්නා අවස්ථාවක දී ඒ තොරතුරු එකී වාර්තා දෙකෙන් එකක හෝ ඒ වාර්තා දෙකෙහිම හෝ අඩංගු තොරතුරුවලින් නොවෙනස්ව පවත්නා බව ඒ මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් කරනු ලැබිය යුතු ය.‘ යනුවෙන් එහි දැක්වේ. ඒ අනුව මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළියෙල කිරීමට අවශ්‍ය තොරතුරු අමාත්‍යවරයා විසින් සැපයිය යුතු බවද එහි දැක්වේ.
ඒ අනුව මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ සෑම වාර්තාවක් සමඟම පහත දැක්වෙන ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කළ යුතු ය:-
අමාත්‍යවරයා විසින් 18 වන වගන්තිය නියමයන්ට අනුකූලව කටයුතු කර ඇති බවට අමාත්‍යවරයා විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක් ;
(ආ) වාර්තාවේ අඩංගු තොරතුරු මඟින් හැකි තරම් පුළුල් ලෙස -
(i) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නිලධරයන්ගේ උපරිම වෘත්තිය විනිශ්චය පිළිඹිබු වන බවට;
(ii) අමාත්‍යාංශය විසින් ලබා ගත හැකි වු සියලුම ආර්ථික සහ මූල්‍ය තොරතුරු කෙරේ සැලකිල්ල දක්වා ඇති බවට;
(iii) 19 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් තමාට අනාවරණය කළ ආණ්ඩුවේ තීරණවලින් ඇතිවන මූල්‍ය පැටලිලි හා වෙනත් පරිවේෂණ එකි තොරතුරුවලට ඇතුළත් කොට ඇති බවට,
ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයක්.
ඒ අනුව ඉහත (1) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධානවලට යටත්ව මිස, ආණ්ඩුව විසින් මහ බැංකුවෙන් මුදල් ණයට නොගත යුතු බව පනතේ පැහැදිලිව දැකවේ.
එනයින් පනත හරහා මහ බැංකුවෙන් ණයට ගැනීම් සීමා කිරීම් සිදු කර ඇත. යම් මුදල් වර්ෂයකදී ලැබෙන මුදල් ප්‍රමාණ අභිභවා යන මුදල් යෙදවුම්වල අතිරික්තය තාවකාලිකව පියවා ගැනීම සඳහා අත්තිකාරම් ලෙස ආණ්ඩුව විසින් මහ බැංකුවෙන් මුදල් ණයට ගනු ලැබිය හැකි ය. එසේ වුව ද, එවැනි සෑම අත්තිකාරමක්ම එය ලබා ගත් දින සිට මාස හයක් තුළ දී ආපසු ගෙවනු ලැබිය යුතු අතර යම් මුදල් වර්ෂයක කවර වුව ද අවස්ථාවක දී හිඟ තබා ඇති එවැනි අත්තිකාරම්වල එකතුව ඒ මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තුගත ආදායමින් සියයට දහයක් නොඉක්මවිය යුතු ය.
රටක ආර්ථිකය කඩා නොහැලෙන සේ අය වැය සමව පවත්වාගෙන යාමට අදාළ පනතින් ක්‍රමවේද සකස් කර ඇති අයුරු එයින් පැහැදිලිය.
එමෙන්ම ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත්වල මුල් නිකුතුවලට දායක වීම මේ වගන්තියේ අඩංගු කිසිවකින් මහ බැංකුවට තහනම් කරනු ලබන්නේ යයි නොසැලකිය යුතු බවද දැක්වේ.
පනතේ සඳහන් සියලුම ප්‍රකාශ සහ වාර්තා, රාජ්‍ය අංශයේ ගිණුම්වලට අදාළ ගිණුම් තැබීමේ ක්‍රම පිළිබඳ උපරිම පරිචයන්ට අනුකූලව පිළියෙල කරනු ලැබිය යුතු බවත් වාර්තා සහ ප්‍රකාශ, ගිණුම් ප්‍රමිතිවලට අනුකූල විය යුතු බවත් මේ පනතේ දක්වා තිබේ.
ඒ අනුව 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යනු තවත් එක් පනතක් හෝ ගැසට් පත්‍රයක් හෝ නොව මෙරට සමස්ත ආර්ථිකයම හැසිරවීමට සමත් වන මූල්‍ය උපකරණයක් බව පැහැදිලිය. එය ක්‍රියාත්මක නොකිරීම සැබැවින්ම කනගාටුදාකය.