ඩයලොග් නෙළුම් කුලුනේ Future Zone එළිදක්වයි | සිළුමිණ

ඩයලොග් නෙළුම් කුලුනේ Future Zone එළිදක්වයි

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්. සී/සමාගම විසින් Future Zone නමින් නවීනතම තාක්ෂණයෙන් යුත් නැවුම් අත්දැකීමක් කොළඹ නෙළුම් කුලුනේ පළමු මහලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම පෙරවරු 10 සිට පස්වරු 6.30 දක්වා ඕනෑම අයකුට නොමිලේම ඇතුළු වී මෙම සුවිශේෂී අත්දැකීම විඳ ගත හැකිය.

5G තාක්ෂණය, Internet of Things (IoT), Artificial Intelligence (AI), Virtual Reality (VR) යන ක්ෂේත්‍ර හි නවතම පැතිකඩ පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව Future Zone නැරඹීමට පැමිණෙන්නන්ට හිමි වේ. එමෙන්ම ඩයලොග් සමාගම ආරම්භ කර ඇති mart Cities වැඩසටහන පිළිබඳ මෙන්ම තිරසර බලශක්ති විසඳුම්වලට අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දැනුම්වත් වීමටත් අවස්ථාව ලැබේ.

මෙම Future Zone හරහා නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදා කර දීම තුළින් තාක්ෂණයේ අනාගතය පිළිබඳ යම් දැනුමක් සහ අවබෝධයක් ලබා දීමට හැකි වීම සතුටක් බව ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ සඳහන් කළේය.

Comments