
ආචාර්ය අජන්තා රණසිංහ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් ‘අජන්තා ගී ආවර්ජනා නමින්‘ ආචාර්ය අජන්තා රණසිංහ සම්බන්ධ කෘති ද්විත්වයක් එළි දැක්වීම මාර්තු 2 ප.ව. 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සමුද්‍ර වෙත්තසිංහයන්ගේ සංස්කරණයෙන් යුත් ‘රුවන් වලා විමානේ‘ සහ ‘අජන්තා රණසිංහ ගීත කෘති එකතුව‘ කෘති මෙහිදී එළිදකී. එහිදී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, දීලීප අබේසේකර, ධම්මික බණ්ඩාර කෙටි දෙසුම් පවත්වනු ලැබේ.
අජන්තා රණසිංහගේ ගී ආවර්ජනයේ ගායනා කලාසූරී ලතා වල්පොල, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය දයාරත්න රණතුංග, ටී.එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ජානක වික්‍රමසිංහ, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, විශාරද සමිතා මුදුන්කොටුව, විශාරද ජගත් වික්‍රමසිංහ, රංජන අමරදේව, චන්දන ලියනආරච්චි, මරියසෙල් ගුණතිලක, සුනෙත් වල්පොල, ලලිත් පොන්නම්පෙරුම, දයාන් විතාරණ, විශාරද අනුරාධා නන්දසිරි, දුමාල් වර්ණකුලසූරිය, රිද්ම විරවර්ධනයන්ගෙනි.
අවිරාම ගී පෙළ චිරාත් වීරසිංහ, නිලන්ත නිමල්සිරි, විශාරද දේශානී විතානගේ, විහඟ විජේසේකර, හේමාල් කුරුවිටආරච්චිගෙන් වන අතර, විශාරද මනෝජ් පීරිස් සංගීතය සපයන මෙහි මෙහෙයවීම ආචාර්ය රංග කලංසූරිය විසිනි. අජන්තා රණසිංහ පදනම මෙය සංවිධානය කර ඇත.