
ඉකුත් දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation Awards) සම්මාන උලෙළේදී මහජන බැංකුව සම්මානයට පාත්‍ර විය. ඒ, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම (බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන - අන්තර්ජාල බැංකුකරණ) සඳහා People’s Wave යෙදවුමට වෙනුවෙන් සහ වසරේ විශිෂ්ටතම පොදු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සක්‍රිය කරන්නා - A කාණ්ඩය’ රන් සම්මාන දිනා ගනිමිනි. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පැවසුවේ, ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උලෙළේදී සිය කණ්ඩායමට රන් සම්මාන දෙකක් සහ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය -බැංකු ආයතන’ වෙනුවෙන් සමස්ත කුසලතා සම්මානය හිමි වීම මහජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ඩිජිටල් බැංකු පහසුකම් වැඩිදියුණු කිරීමට බැංකුව විසින් ගන්නා නිරන්තර උත්සාහයට මෙවැනි ඇගයීම් විශාල උත්ප්‍රේරණයක් බවයි.