ශ්‍රී ලංකාවේ මෝටර්රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳ සැසියක් | Page 12 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ මෝටර්රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳ සැසියක්

දකුණු ආසියාවේ ජ්‍යේෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හිඳී ඉකුත් දා විශේෂ සැසියක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි ආරාධිත කථිකයා ලෙස සහභාගි වූ එම සැසියට අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කර්මාන්තයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා එහිදී පාරිභෝගිකයා, පරිසරය සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට මෝටර් රථ කර්මාන්තය නියාමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

Comments