
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද(02) සිදුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා ඇතුලු දූත පිරිසක් ඊයේ(01) නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය.
ගුවන් හමුදා මුලස්ථානයට අද උදෑසන පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා ඇතුලූ දූත පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරිවරයා විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක‍්ෂාංගය විසින් සම්මාන මුර පෙළපාලියකින් හමුදා ආචාර පුදකරන ලදි.
අනතුරුව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති අතර නිල සාකච්ඡාවක නිරතවු අතර එහිදි කළාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම, ඒකාබද්ධ පුහුණුවීම් හා තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනිම මෙන්ම සමුද්‍රිය ආවේක්ශන මෙහෙයුම් පුළුල් කිරිම පිළිබද සාකච්ඡා සිදුකරන ලදි.
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති අතර සිදු මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරින්ද සහභාගී විය.