චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති එංගලන්තයට | සිළුමිණ

චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති එංගලන්තයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා අද(04) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
 
ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස්  ඇත.
මෙම පිරිස ඩුබායි සිට පසුව වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
 
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතව ඇත.

Comments