
අවාරයේ ශ්‍රීපාද වන්දනා කිරීම සීමා කිරීමට කටයුතු කරන්නැයි ශ්රිපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කළහ. ශ්‍රී පාද වන්දනා සමය ඉකුත් වෙසක් පොහෝ දින රාත්‍රියෙන් අවසන් විය.
එහිදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ ඇතැම් වන්දනාකරුවන් ශ්‍රී පාද අඩවි කලාපය තුළ පරිසර සංරක්ෂණය ඇතුළු කරුණු රැසක් මුල් කරගෙනය.
විශේෂයෙන් පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කිරීම, අධ්‍යාපන කටයුතු, පොත්පත් ලිවීම වැනි කටයුතු සඳහා අවාරයේ ශ්‍රී පාද වන්දනා පැමිණෙන අයට ඒ සඳහා අවස්ථාව ලබා දීම හා විදේශ සංචාරකයන් සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බවද උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කළහ.