ඥානංග ගු ණවර්ධන දිවි රඟමඬලින් සමුගනී | සිළුමිණ

ඥානංග ගු ණවර්ධන දිවි රඟමඬලින් සමුගනී

අඩසියවසක පමණ කාලයක් මෙරට සිනමාව, රූපවාහිනිය හා වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී ඥානංග ගුණවර්ධන ඉකුත් 4 වැනිදා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

පාසල් වියේ සිට රංගනය සහ කථිකත්වය කෙරෙහි කුසලතා දැක්වූ ඥානංග ගුණවර්ධන, වේදිකා රංගන ශිල්පියකු ලෙස වෘත්තීය රංගන ජීවිතය ආරම්භ කළ අතර, ඔහු සිනමාවට එක් වූයේ පරාක්‍රම ද සිල්වාගේ 'හෙවණැලි ඇද මිනිස්සු' චිත්‍රපටයෙනි. එතැන් සිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක රඟපු හෙතෙම වඩාත් ජනාදරයට පත් වූයේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු ලෙසිනි. සිය වෘත්තීය රංගන ජීවිතය තුළ ඔහු කිසි දිනෙක වෙළෙඳ දැන්වීමකට පෙනී නොසිටීම විශේෂත්වයකි. මියයන විට 78 වැනි වියේ පසු වූ ඥානංග ගුණවර්ධන තිදරු පියකු වන අතර, ඔහුට මුනුපුරු මිනිබිරියන් සිවුදෙනෙකි. ඥානංග ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ පාරිසරක නීතිඥ ආචාර්ය ජගත්

ගුණවර්ධනගේ මවගේ බාල සහෝදරයා ද වේ. දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 06 වැනි සෙනසුරාදා පස්වරු 3.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

Comments