නාලන්දා මැරතන් ධාවන තරගයේ ජය චන්ද්‍ර නිවාසයට | Page 10 | සිළුමිණ

නාලන්දා මැරතන් ධාවන තරගයේ ජය චන්ද්‍ර නිවාසයට

කොළඹ නාලන්දා විද්‍යාලයිය වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන 2023 මාර්ග ධාවන තරගය පසුගිය 14 වැනිදා පැවැත්විණි. මෙම මාර්ග ධාවන තරගය සඳහා චන්ද්‍ර, මෞර්ය, නන්ද හා සූර්ය යන නිවාස හතර තරග වැදුණු අතර එහිදි ජය හිමිවූයේ චන්ද්‍ර නිවාසයටය. මේ එම චන්ද්‍ර නිවාසයේ ජයග්‍රාහී කණ්ඩායම ආචාර්යවරු සමඟ සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. නාලන්දා විද්‍යාලයිය විදුහල්පති තිලක් වත්තුහේවාගේ උපදෙස් මත මේ තරගාවලිය පැවැත්වූ අතර ක්‍රීඩා පරිපාලක වන්නේ එම්.එම්.ජේ මාරසිංහය.

Comments