NSB සභාපති ලෙස ආචාර්ය කබ්රාල් පත්වේ | සිළුමිණ

NSB සභාපති ලෙස ආචාර්ය කබ්රාල් පත්වේ

දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් බහුල නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය හර්ෂ කබ්රාල් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපති ලෙස ඉකුත් දා වැඩ බාර ගනු ලැබීය.

ආචාර්ය කබ්රාල් ටෝකියෝ සිමෙන්ට් සමූහයේද සභාපතීත්වය දරයි. එසේම ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතන අතුරින් එකක් වන LOLC ෆිනෑන්ස් පීඑල්සී හි හිටපු සභාපතිවරයාද විය. මීට අමතරව සීමාසහිත LOLC රක්ෂණ සමාගම, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්, රිචඩ් පීරිස් සම‍ාගම යන ආයතනයන්හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.

Comments