ආසියානු ක්‍රිකට් කුසලානයේ තරග 9ක් ලංකාවේදී | Page 22 | සිළුමිණ

ආසියානු ක්‍රිකට් කුසලානයේ තරග 9ක් ලංකාවේදී

මෙවර ආසියානු ක්‍රිකට් කුසලානය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන අතර, එය ශ්‍රී ලංකා - පාකිස්තාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්තානයේදීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වෙනු ඇත.

වසර 15කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව මෙවර පාකිස්තානයට හිමිවී තිබුණ ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය කණ්ඩායම එරටට යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තරගාවලිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබුණි. කෙසේ වෙතත් සාකච්ඡා වට ගණනාවකින් පසුව එය මෙලෙස දෙමුහුම් ආකෘතියක් යටතේ පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ.

Comments