The Grand Ward Place උත්සවාකාරයෙන් විවෘත කරයි | Page 10 | සිළුමිණ

The Grand Ward Place උත්සවාකාරයෙන් විවෘත කරයි

ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය වන අධි සුඛෝපභෝගී ‘The Grand Ward Place’ හි ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීම පසුගිය දින උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ ප්‍රමුඛතම ගැනුම්කරුවන් සහ ව්‍යාපෘති හවුල්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වැඩිම උසකින් යුත් එකම සුඛෝපභෝගී මහල් නිවාස ගොඩනැගිල්ල වන මෙය, නවීනතම ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව ඉදි කර ඇති අතර, සුඛෝපභෝගී ජීවන රටාවන්ට ගැළපෙන අතිනවීන පහසුකම් රැසකින් සමන්විත ය. ව්‍යාපෘතිය සම්පූර්ණ වීමට අමතරව අනුකූලතා සහතිකය, CMA ලියාපදිංචි සහතිකය සහ සහාධිපත්‍ය හිමිකම් ඔප්පුව යන නෛතික ලේඛන හිමිකරගැනීමද සැමරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

Comments