ජනපති රනිල් හා ප්‍රංශ ජනපති හමුවෙති | Page 20 | සිළුමිණ

ජනපති රනිල් හා ප්‍රංශ ජනපති හමුවෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර හමුවක් ජූනි 23 සිකුරාදා පස්වරුවේදි සිදු විය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක හමුව අතරතුර මෙම හමුව සිදුවු අතර රාජ්‍ය නායක දෙපළ සුහද කතා බහක නිරත විය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙම සමුළුවට එක්ව සිටියේය.

Comments