ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි | Page 12 | සිළුමිණ

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල එකඟතාවන්ට පැමිණිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 
 
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවල පිළිගත් ක්‍රමවේදය බවයි. 
 
එම එකතාවන්ට පැමිණීමෙන් පසු අදාළ ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ නිල ස්ථාවරය හෙළි කරනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Comments