ලාෆ්ස් ගණන් බස්සයි | Page 10 | සිළුමිණ

ලාෆ්ස් ගණන් බස්සයි

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇතැයි ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි.
 
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇත.
 
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,690කි.
 
මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දැමෙනු ඇත.
 
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476කි.

Comments