ලේක්හවුස් වෙබ් අඩවි නව මුහුණුවරකින් | Page 2 | සිළුමිණ

ලේක්හවුස් වෙබ් අඩවි නව මුහුණුවරකින්

ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස්, දිනමිණ හා තිනකරන් වෙබ් අඩවි නව මුහුණුවරකින් යළි ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණි. ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් විසින් වෙබ් අඩවිය විවෘත කරන ලදී. මේ අවස්ථාවට ලේක්හවුස් නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක යාපා, දිනමිණ, ඩේලිනිවුස්, තිනකරන් කර්තෘවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - සුලෝචන ගමගේ

Comments