ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් | Page 13 | සිළුමිණ

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400×4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය සටහන් වී ඇත්තේ 3:15.41ක් ලෙසය.
 
එහිදී අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
 
එය, නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය. ශ්‍රී ලංකාව එම තරගයේ රිදී පදක්කම දිනාගනිද්දී රන් පදක්කම හිමිකරගත්තේ, ඉන්දියාව විසිනි. ලෝකඩ පදක්කම ජපානයට හිමිවිය.
 
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීය.

Comments