අමෙරිකාවේ නාවික හමුදාපති තනතුරට කාන්තාවක් | Page 10 | සිළුමිණ

අමෙරිකාවේ නාවික හමුදාපති තනතුරට කාන්තාවක්

අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාපති ලෙස පළමුවරට කාන්තා අද්මිරාල්වරියක්  පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇත. 
 
38 හැවිරිදි අද්මිරාල් ලීසා ෆැන්චේටී (Lisa Franchetti ) මෙම තනතුර සඳහා පත් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ඇය අමෙරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
 
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු වේ.
 

Comments