නව බැංකු පනත හේතුවෙන් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව තහවුරුවීම ගැන සහතිකයක් | Page 2 | සිළුමිණ

නව බැංකු පනත හේතුවෙන් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව තහවුරුවීම ගැන සහතිකයක්

බැංකුවක් අකර්මන්‍යවන අවස්ථාවල දී තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව බැංකු පනත මගින් හඳුන්වා දී ඇති රක්ෂණය වෙනුවෙන් තැන්පතුකරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. 
 
අමත්‍යවරයා සඳහන් කරන්නේ මෙම පනත තැන්පතුකරුවන්ගේ සුරක්ෂිතතාව තව දුරටත් ශක්තිමත් කරන බවයි.
 
බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
සියඹලාපිටිය මහතා එහි දී සඳහන් කළේ තමා නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ දී බැංකුවක් අකර්මන්‍ය වූ අවස්ථාවක දී තැන්පත්කරුවන් පත් වූ අපහතාවන්ට මැදිහත් වූ ආකාරයයි. මෙම පනත මගින් ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙම පනත මීට දශක කිහිපයකට පෙර ගෙන ඒමට තිබූවක් බවයි. 
 
පන්කෝටි  හැත්තෑ දෙලක්ෂයක් පමණ වන මෙරට තැන්පතුකරුවන් සහ ඔවුන්ගේ රුපියල් ට්‍රිලියන 15ක් පමණ වන තැන්පතු සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන්නේ ය.
 
2018 වන විට බැංකුවල සමස්ත ණය ප්‍රමාණයෙන් 36.6%ක් වූ රාජ්‍ය ණය ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ණය ගැනීම් අත්හිටුවීමත් සමග වේගවත් ලෙස ඉහළ ගිය බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. එය 2022 වසරේ දෙසැම්බර් මාසය වන විට 55.5%ක් තරම් ඉහළ අගයක් වූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.         
 

Comments