GSP+ සහනය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවෙයි | Page 10 | සිළුමිණ

GSP+ සහනය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවෙයි

සජබ ලෙස අප සතුටුවෙනවා මේ රටේ අසීරු අවස්ථාවක අපනයන ක්ෂේත්‍රයේ පිරිස් වෙනුවෙන් මේ සහනය ලැබීම පිළිබඳව. එහෙත් මෙය වර්තමාන ආණ්ඩුවේ ලබාගත් ජයග්‍රහණයක් නොවන බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිළුමිණට ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් සජබ මහ ලේකම්වරයා මෙසේද පැවසීය. ‘‘ අපි සතුටු වෙන්නේ මේ රටේ ජනතාව ගැන හිතන පක්ෂයක් නිසයි. පසුගිය ආණ්ඩුවල ක්‍රියාමාර්ගයන් නිසා GSP + සහනය අහිමි වීමට ගියා. යහපාලන සමයේ අඛණ්ඩව මේ GSP + සහනය ලැබුණා.

මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අහිමි වීමට ගොස් යළි හිමිවීම ගැන රටක් ලෙස අපි සතුටු වෙන්න ඕන. අපනයන ක්ෂේත්‍රයේ නියුතු මිනිසුන් වෙනුවෙන් ලැබුණ සහනයක් මිස මෙය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවෙයි.

Comments