එලිසබෙත් මහරැජනගේ පළමු ගුණානුස්මරණය සමරයි | Page 10 | සිළුමිණ

එලිසබෙත් මහරැජනගේ පළමු ගුණානුස්මරණය සමරයි

බ්‍රිතාන්‍යයේ සිහසුන දැරූ එලිසබෙත් මහ රැජන මියගොස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඇගේ වැඩිමල් පුතු චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් ගුණානුස්මරණ උත්සවයක් පැවැති බව වාර්තා වේ. 
 
පසුගිය වසරේ සැප්තැම්බර් මස 8 වැනිදා දිවියෙන් සමුගත් එලිසබෙත් මහ රැජනගේ ගුණානුස්මරණ උත්සවයට විලියම් කුමරු සහ කේට් කුමරිය ද සහභාගි වී ඇති අතර, එම උත්සවයෙන් පසු මහරැජන ස්මරණය කිරීමේ උත්සව කිහිපයකට සහභාගි වීමට නියමිතව තිබූ බව වාර්තා වේ.
 
බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ වැඩිම කාලයක් ඔටුන්නට හිමිකම් කී එලිසබෙත් මහරැජන රෝගාතූරව දිවියෙන් සමුගන්නා විට 96 හැවිරිදි වියෙහි පසුවූවාය.

Comments