2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය සතිය ආරම්භයේදීය. බොහෝ දෙනෙක් මෙවර ඡන්ද විමසීම උනන්දුවෙන් බලා සිටියේ රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ කුමක් සිදු වේවිද යන්න නිසාය. සතිය ආරම්භයේම සබා ගැබේ උණුසුම තීව්‍ර කරමින් පැවැති ඡන්ද විමසීමේදී අයවැය යෝජනාව සම්මත වූයේ තුනෙන් දෙකට වැඩි ඡන්දයෙනි. යෝජනාවට පක්ෂව ඡන්ද 153 ක්ද, විපක්ෂව...