ඉකුත් රජයේ නිවාස අමාත්‍යාංශය සිදු කළ ආදර්ශ ගම්මානවල තිත්ත ඇත්ත
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිවාස සංවර්ධන අධිකාරිය පසුගිය රජය සමයේ ජනතාවාදී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් 2015 වර්ෂයේ සිට අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ නිවාස තනා දීමේ ව්‍යාපෘතියේ ගම්මාන 2562 කින් වැඩ අවසන් කර තිබෙන්නේ 367ක් බව අනාවරණය වේ. මෙයින් වැඩි වශයෙන් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළ...