මා අභියස දිස් වන්නේ රත් පැහැයෙන් බබළන විසල් ජල තලයයි. හමන සුළඟට හසු වී සියුම්ව රැළි නගනා වැව් දියවර හිරුගේ සැදෑ රැස් වලට හසුවී රන්වනින් බබළයි. දියකාවෝ රෑනක් හුළඟට හසුව සිහින් රැලි නඟනා වැව් දිය මත්තේ ගෑවී නොගෑවි පියා සරති. ගොදුරු වේලාව අහවරව ඇති බවට ලකුණු පහළ කරමින් රාත්‍රිය ගතකිරීම සඳහා තැනක් සොයා ගන්නයි මේ ජලජ පක්ෂීන් සූදානම් වන්නේ.
සැඳෑ සමය මෙබඳු වුණත් රාත්‍රිය...