බස් මගීන්ට අවවාද කවි ලියන විල්බට් අඹතලාව
ලංගම හෝ පුද්ගලික බසයක ගමන්කරන අපි ඒවායේ අලවා ඇති විවිධාකාරයේ කවි පබැඳුම් දැක ඇත්තෙමු. නමුත් ඒ සියල්ල අතුරින් බසයේ කවුළුවකට ඉහළින් රතු පැහැති පසුබිමේ සුදු පැහැ අකුරු වලින් මුද්‍රිත සිව්පද පේළි කවියකුත් ඊට යටින් කුඩා අකුරින් මුද්‍රිත 'විල්බට් අඹතලාව' නාමයත් සඳහන් ස්ටිකරයත් එක් දිනක් දුටුමතින් ඔබගේ සිත්හි ගැඹුරින් සටහන්ව ඇතුවාට සැකයක් නැත. ඊට හේතුව වන්නේ සියලු බස් රථවල එකම...