රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශ­න­ය මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්නගෙන් | සිළුමිණ

රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශ­න­ය මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්නගෙන්

 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යට පූර්ව­ගාමී ව සංවි­ධා­නය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශ­නය අගෝස්තු 28 වැනිදා, අඟ­හ­රු­වාදා ප.ව. 3.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පද­නම් ආය­තන ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ. මේ දේශ­නය මෙවර සම්භාව්‍ය සිංහල සාහි­ත්‍යය සඳහා වෙන් වෙයි.

‘කව්සි­ළු­මිණ, සිංහ­ලයේ අග්‍ර­ගණ්‍ය පද්‍ය කාව්‍යය ද? ප්‍රති­සේ­ව­නය හා විම­ර්ශ­නය’ යන මැයෙන් දේශ­නය පව­ත්වනු ලබන්නේ සම්මා­නිත මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්න විසිනි. 1957 ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී සම්මාන ලැබූ පණ්ඩිත අශෝක කරු­ණා­රත්න සූරීන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වෙන මේ රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශ­න­යට පරි­වාර වශ­යෙන් ප්‍රාසං­ගික නිර්මා­ණා­ව­ලි­යක් ද මෙදින ඉදි­රි­පත් කරනු ලැබේ.

කව්සි­ළු­මිණි මහා කාව්‍යයේ මූලා­ශ්‍රය වූ කුස ජාත­කය ඇතු­ළත් කුස පබා­වතී වෘත්තා­න්තය වර්ණිත සංගී­තාංග හා නර්ත­නාංග ඊට ඇතු­ළත් වෙයි.

Comments