ජාති­වා­දය පැර­ද වූ පහේ හපන්නු | සිළුමිණ

ජාති­වා­දය පැර­ද වූ පහේ හපන්නු

ජාති­වා­දය වැපි­රී­මට සමත් වූවෝ දේශ­පා­ල­න­ඥ­යෝය. දකුණේ සිංහල බෞද්ධ දේශ­පා­ල­න­ඥ­යින් අත­රින් ඇතැම්හු දකුණේ බොදු රජ­යක් ගොඩ­න­ඟන බව කිය­මින් ඡන්ද මංකොල්ල කති. උතුරේ දේශ­පා­ල­න­ඥ­යන් කරන්නේ ඊට ප්‍රති­වි­රුද්ධ ක්‍රියා­වකි. උතුරේ දෙමළ රාජ්‍ය­යක් බිහි කරන බව කිය­මින් උතුරේ වැසි­යන්ගේ ඡන්ද එක් රැස් කරති. අව­සා­න­යේදී කිසිදු මනෝ රාජ්‍ය­යක් බිහි නොවූ­වත් මිනිස්සු එකි­නෙකා ජාති­වා­ද­යෙන් ඇළලී ඇණ­කොටා ගනිති.

පසු­ගිය දින­වල 2018 වසරේ ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රති­පල නිකුත් විණි. එහිදී ලංකාවේ තුන්වෙනි ස්ථාන­යට ලකුණු ලබා ගත්තේ වවු­නි­යාවේ දැරි­යකි. ඇය නමින් බාල­කු­මාර් හර්ති­කන් සුජාය. ඇගේ ලකුණු සංඛ්‍යාව 197 කි. මේ විභා­ග­යෙන් වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­යෙන් වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍යාව වූයේ වවු­නි­යාවේ ගණේ­ෂ­පු­රම් ගම්මා­නයේ පදිංචි ආර්. නිව­ර්ෂ­නාය. ඇය මේ විභා­ග­යෙන් ලකුණු 189 ක් ලබා­ගෙන තිබුණි.

ඉතා අල්ප පහ­සු­කම් ඇති වන්නියේ දරු­වන් මේ තරම් ඉහළ සාමා­ර්ථ­යක් ලැබු­වත් එය අගය කිරී­මට ජාති­වා­දය වපු­රන ඇතැම් දෙමළ දේශ­පා­ල­න­ඥයෝ කිසි­වක් නොක­ළහ. යුද හමු­දාවේ සිටින්නේ දෙමළ වැසි­යන්ගේ හතු­රන් බව කිය­මින් දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩි කර­ග­නිද්දී එය එසේ නොවන බව පසක් කිරී­මට වන්නි යුද­හ­මුදා ආර­ක්ෂක සේනාං­කා­ධි­පති මේජර් ජෙන­රාල් කුමුදු පෙරේරා මහතා ඇතු­ළුව තවත් යුද හමුදා නිල­ධා­රීහු කීප දෙනෙක් සමත් වූහ.

මේ ශිෂ්‍යා­වන් දෙදෙ­නාම දෙමළ වූවත් ඔවුන් පළා­තට ලබා­දුන් ගෞර­වය උදෙසා යමක් කර­න්නට යුද හමුදා නිල­ධා­රීන්ට අවශ්‍ය විණි. මේ ගැන තොර­තුරු හා විස්තර සොයා බැලී­මේදී ශිෂ්‍යා­වන් දෙදෙ­නාම දැඩි ආර්ථික අප­හ­සු­තා­ව­ලින් පෙළෙන පවු­ල්වල දරු­වන් බව මේ නිල­ධා­රීන්ට වැට­හිණි. කෙසේ හෝ මේ ළම­යින් දෙදෙ­නාගේ අනා­ග­තය වෙනු­වෙන් යමක් කිරී­මට යුද හමුදා නිල­ධා­රීන් උත්සාහ කර­මින් සිටි­යදී ජාති­වා­දය නොත­කන සැබෑ මානව ගුණ­යෙන් පිරුණු යුව­ළක් යුද හමු­දාවේ නිල­ධා­රීන්ට මුණ­ගැ­සිණි.

මේ මානව හිත­වාදී යුව­ළගේ පදිං­චිය කැන­ඩා­වේය. දෙදෙ­නාම වෛද්‍ය වෘත්ති­ක­යෝය. ශ්‍රී ලංකා­වෙන් නික්ම ගොස් කැන­ඩාවේ ජීවත් වූවත් ශ්‍රී ලාංකි­ක­යින්ගේ අව­ශ්‍යතා වෙනු­වෙන් සොයා බලා යමක් කිරී­මට නිතර ඉදි­රි­පත් වනුයේ මෙරට ජන­තාව වෙනු­වෙන් වන සැබෑ සෙනෙ­හ­සිනි. ඔවුන්ගේ සැබෑ ශ්‍රී ලාංකි­ක­ත්වය මනාව ප්‍රකට වන අව­ස්ථා­වක් වූයේ දෙදෙ­නාම උදව් කිරී­මට තෝරා ගත් ශිෂ්‍යා­වන් දෙදෙ­නාම දෙමළ දැරි­යන් දෙදෙ­නෙකු වීමය.

කැන­ඩාවේ වෙසෙන අශෝක වීර­සිංහ වෛද්‍ය­ව­ර­යාත් ඔහුගේ බිරිය වන වෛද්‍ය නන්දනී වීර­සිංහ මහ­ත්මි­යත් මේ සමාජ සත්කා­ර­යට දායක වූයේ ඔවුන්ගේ හද­ව­තින්ම උපන් සෙනෙ­හ­සින් මිස කව­රෙ­කුගේ හෝ බල­කි­රී­ම­කින් නොවේ.

දැරි­යන් දෙදෙ­නාට උදව් කිරී­මට කැමැත්ත පළ­කළ යුවළ දිය­ණි­යන් දෙදෙනා සොයා වවු­නි­යා­ව­ටම පැමි­ණි­යේය. දෙපා­ර්ශ්­වය මුණ ගැසෙන අව­ස්ථාවේ වන්නි යුද හමුදා මුල­ස්ථා­න­යේදී ඉතා චාම් උත්ස­ව­යක් පැවති අතර මේජර් ජෙන­රාල් කුමුදු පෙරේරා මහතා විසින් එය සංවි­ධා­නය කොට තිබුණි. යුද හමු­දාවේ 61 වැනි සේනාං­කයේ බල සේනා­ධි­පති බ්‍රිගේ­ඩි­යර් ජය­ම්පති තිල­ක­රත්න මහතා ඇතුළු යුද හමුදා නිල­ධා­රීහු කීප දෙනෙක් මේ අව­ස්ථා­වට සහ­භාගී වූහ.

දැරි­යන් දෙදෙනා ඉගෙ­නුම ලබන පාසල් දෙකේම විදු­හ­ල්ප­ති­ව­රුන් මෙන්ම දැරි­යන්ට අකුරු කරවූ ගුරු­ව­රි­යෝද මේ අව­ස්ථා­වට එක් වූහ. ඒ සම­ඟම දැරි­යන්ගේ දෙම­ව්පි­යන් ඇතුළු ඥාතීන් පිරි­සක්ද මේ අසි­රි­මත් අව­ස්ථා­වට එක් වෙමින් කැන­ඩාවේ පදිංචි වීර­සිංහ වෛද්‍ය යුව­ළට දිගා­සිරි පැතුවේ කිසි­ව­කුත් නොකළ මේ සද්කා­ර්යයේ වටි­නා­කම ඒ දෙම­ව්පි­යන්ට මහා මෙරක් තරම් වූ නිසාය.

හතර වරි­ග­ය­කම නිවන් දක්නා චේත­නා­වෙන් කරනු ලබන අට­මහා කුස­ල­ය­කට වඩා වැඩි පින්ක­මක් සිදු කර­ගැ­නී­මට වීර­සිංහ යුව­ළට මින් අව­ස්ථාව ලැබිණ.

දැරි­යන් දෙදෙ­නාම කවදා හෝ ඔවුන්ගේ අධ්‍යා­ප­නය අව­සන් කරන තුරුම මුද­ලින් ආධාර කිරී­මට වීර­සිංහ වෛද්‍ය යුවළ සූදා­නම් නිසා ශිෂ්‍යා­වන් දෙදෙ­නාගේ පවු­ල්ව­ලට දැරී­මට සිදුව තිබූ විශාල බරක් දුප්පත් මවු­ව­රුන්ගේ පිය­ව­රුන්ගේ කරෙන් බිම තැබී­මට හැකි වුණි.

වීර­සිංහ වෛද්‍ය යුවළ මේ පරි­ත්‍යා­ග­යන් සම්බ­න්ධ­යෙන් කිසි­වක් කීමට කැම­ත්තක් නොදැ­ක්වූයේ ඔවුන්ගේ පරි­ත්‍යා­ගය පරි­ත්‍යා­ග­යක්ම මිස සංද­ර්ශ­න­යක් නොවන නිසා විය යුතුය. නමුත් ඔවුන් ඒ උදාර පරි­ත්‍යා­ගය කළ පවු­ල්වල සමාජ වට­පි­ටාව දෙස බලන විට ඒ දෙපළ විසින් උදව් උප­කාර කිරී­මට තෝරා ගනු ලැබ ඇත්තේ සුදු­සුම පුද්ග­ල­යන්ය.

බාල­කු­මාර් හරි­ති­කන් සුජා ශිෂ්‍යා­වගේ මව වූ කාංචනා කතාව ආරම්භ කළේ දෑසේ ඉනූ සතුටු කඳු­ළෙන් යුතු­වය.

“මගේ දුව ශිෂ්‍ය­ත්ව­යට කියලා කොහේ­වත් පන්ති ගියේ නෑ. ඇත්තම කතාව කිය­න­ව­නම් එහෙම පන්ති­ය­කට යවන්න අපිට සල්ලි නෑ. යන­ව­නම් බස් එකේ තමයි යවන්න වෙන්නේ. ඒ ළම­යව තනි­යම යවන්න බැහැ. මගේ මහ­ත්තයා කරන්නේ රිය­දුරු රස්සා­වක්. ඒකෙන් ලැබෙන පොඩි පඩි­යෙන් තමයි අපි ජීවත් වෙන්නේ.

දව­ස­ක්වත් වැඩට ගියේ නැත්නම් ඒකත් නැහැ. දුව ගෙදර ඇවිත් පාඩම් කළා. මහන්සි වුණා. අපි දැන් දුව හොඳට පාස් වුණා කියලා මහා ලොකු ඉස්කෝ­ලෙ­කට දාන්න කල්ප­නා­වක් නෑ. මේ ඉස්කෝලේ තියෙන්නේ පහේ පන්ති­යට විත­රයි. ඉතින් අපට උද­ව්වක් ගන්න පුළු­වන් තැනක තියන ඉස්කෝ­ලෙ­කට දුව යව­නවා. දුවගේ ටීචර් එක්ක අපි කතා කරලා ඒකට මොනවා හරි කර­නවා.

මෙහෙම ඉන්න­කොට තමයි හමු­දාවේ මහ­ත්තුරු කට්ටි­යක් ඇවිත් ළම­යගේ විස්තර අර­ගෙන ගියේ, පහු­වදා ඉස්කෝලේ ලොකු මහ­ත්තයා පණි­වු­ඩ­යක් එවලා තිබුණා ළම­යින්ගේ දෙම­ව්පි­යන්ට එන්න කියලා. මහ­ත්ත­යට රස්සාව දාලා ගියොත් පඩි­යක් නෑ. ඒක නිසා මම ගියා. අපේ දුවට උදව් කරන්න සිංහල නෝනා කෙනෙ­කුයි මහ­ත්ත­යෙ­කුයි ඉදි­රි­පත් වෙලා ඉන්නවා කියලා අප දැන ගත්තේ එතැ­න­දියි.

දැන් මට තියෙන්නේ පුදූම සතු­ටක්. අපිට මෙහෙම උද­ව්වක් කරන්න අපේ කියලා කෙනෙක් නෑ. හිටි­යත් ඒ අය ඉරි­සි­යා­වට උදව් කරන්නේ නෑ.

මම මේ මහ­ත්ත­යයි නෝනයි දෙන්නම දැක්ක වෙලාවේ ඉඳලා ලොකූ ගෞර­ව­ය­කින් ඉන්නේ. ඒ දෙන්නා හරීම කරු­ණා­ව­න්තයි.

මම දුවට කිව්වේ අම්මා තාත්තා වගේම හිතලා මේ දෙන්නට ගරු කරන්න කිය­ලයි. කොච්චර ලොකු වුණත් මේ උප­කා­රෙ­වත් මේ දෙන්න­වත් කව­දා­වත් අම­තක කරන්න එපා කියලා මම කිව්වා.”

ඔවුනට මේ උප­කා­රය මහ­මෙ­රකි. සුජාගේ මව කීවා සේ අධ්‍යා­ප­න­යේදී තමන්ගේ පවුලේ ලේ නෑයෝ උදව් උප­කාර කිරී­මට බොහෝ සෙයින් මැළි වෙති. මේ හමුවේ අස­රණ වන දුප්පත් දරු­වන් බොහෝය.

“මගෙ ටීචර් මට ගොඩාක් ආද­රෙයි. මේ ඉස්කෝලේ ඉන්න සේරම ළමයි දුප්පත්. ඒ අත­රෙ­නුත් මම ගොඩාක් දුප්පත්. ටීචර් මට ඉගෙන ගන්න ගොඩාක් උදව් කළා. අඩු­පාඩු සොයා දුන්නා. සම­හර දාට කෑමත් දුන්නා. මගේ ටීචර් දැක්කාම කවදා හෝ ටීචර් කෙනෙක් වෙනවා කියා හිතු­වත් අද ආපු හැම කෙනෙක්ම කිව්වේ හොඳට ඉගෙන ගෙන දොස්තර නෝනා කෙනෙක් වෙන්න කිය­ලයි.”

සුජාගේ ගුරු­ව­රිය මුත්තු­කු­මාර් ලෝගේ­ස්වරී මෙනෙ­වි­යයි.

වවු­නි­යාවේ ගණේ­ෂ­පු­රම් ගම්මා­නයේ පදිංචි ආර්. නිව­ර්ෂනා දිය­ණි­යගේ පවුලේ තත්ත්ව­යද සුජාගේ පවුල හා සමා­නය.

“මමත් කොහොම හරි ඉගෙන ගෙන වෛද්‍ය­ව­රි­යක් වෙනවා” සිංහල වචන පට­ල­ව­මින් ඇය පැව­සු­වාය.

එවැනි පරි­ස­ර­යක දී යුද හමු­දාව මගින් කැන­ඩාවේ වීර­සිංහ වෛද්‍ය යුව­ළගේ ධන පරි­ත්‍යා­ග­යෙන් කළ උප­කා­රය සිය­ල්ල­න්ගේම හද­වත්හි නොමැ­කෙන සට­හ­නක් වනු නොඅ­නු­මා­නය.

රසුල දිල්හාරගමගේ

Comments