කැනඩා හීනය පෙන්නා කෝටි ගණන් වංචා කළ ජාවා­ර­ම්කා­රිය කොටු කර­ගත් හැටි | සිළුමිණ

කැනඩා හීනය පෙන්නා කෝටි ගණන් වංචා කළ ජාවා­ර­ම්කා­රිය කොටු කර­ගත් හැටි

මෙම ජාවාරම සඳහා මූලි­කව රුපි­යල් ලක්ෂ තුනත් පහත් අතර මුද­ලක් ලබා­ගන්නා ඇය සියලු ගනු­දෙනු කර තිබුණේ නිවෙස් හිමි­යන් මාර්ග­යෙනි. ඊට අම­ත­රව රට යෑමට කැමැති අයට සෙනිලා නිවෙස් හිමි­යන් මඟින් දැනුම් දී තිබුණේ රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් නව බැංකු ගිණු­මක තැන්ප­ත්කොට එම බැංකු පොත සහ ඊට අදාළ ඒටී­එම් කාඩ්ප­තත්, එහි රහස්‍ය අංකය ඇතු­ළත් බැංකු ලිපි­යත් ඇයට ලබා දෙන ලෙසය.

අහිං­සක ජනයා මුළා කර­මින් මුදල් කොල්ල කෑමට ඇතැම් දෙනා විවි­ධා­කා­රයේ කූට උප­ක්‍රම යොදා ගනී.

එසේ තැනින් තැන තාව­කා­ලි­කව නවා­තැ­න්ගෙන කැන­ඩාවේ රැකියා සඳහා යවන බවට පවසා මිනි­සුන් මුළා කර­මින් කෝටි ගාණක මුදල් කොල්ල කෑ කාන්තා­වක් පසු­ගිය 17 වැනි දා රාත්‍රියේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වාය. ඒ නව­ග­මුව රණාල ප්‍රදේ­ශයේ නිවෙ­සක සිටි­ය­දීය.

හිස බූ ගා හැඩ­රුව ද වෙනස් කොට සිටි ඇය 46 හැවි­රිදි කන­ග­රත්න සෙනිලා ඩිලානි ද සිල්වාය. එම කාන්තාව කලෙක සිටම රටේ විවිධ පෙදෙ­ස්ව­ලට ගොස් තාව­කා­ලි­කව නවා­තැ­න්ගෙන සිය ගණ­නක් අහිං­සක ජනයා මුළාවේ දම­මින් සැප­වත් දිවි­යක් ගත කළාය.

එලෙස ඇය විසින් මුළා කරන ලද පුද්ග­ල­යන් පනස් දෙදෙ­නෙකු පසු­ගිය 14 වැනිදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළේ තම පිරිස කැන­ඩා­වට යවන බව පවසා සෙනිලා නමැ­ත්තිය මුද­ලින් ලක්ෂ ගාණක් වංචා කර තමන් අමා­රුවේ දැමු බව ද පව­ස­මිනි. එසේම එම පිරිස වැඩි­දු­ර­ටත් පොලී­සි­යට කීවේ, ඉඩ­ක­ඩම් උකස් කොට, පොලි­යට මුදල් ගෙන ඇයට දුන් බවය. ඇතැ­මෙ­කු­ නි­රත වූ ස්ථිර රැකි­යා­ව­ලින් ද ඉවත් වී තිබුණේ සෙනි­ලාගේ බහට හසු වී කැනඩා සිහි­නය සපථ කර­ගැ­නීමේ අටි­යෙනි.

එසේ රට පුරා සිය ගණ­නක් දෙනා මුළා කිරී­මට සෙනිලා යොදා­ගෙන තිබුණේ කූට උප­ක්‍ර­ම­යකි. යම් ප්‍රදේ­ශ­ය­කට ගොස් නිවෙ­සක කාම­ර­යක් කුලි­යට ගන්නා ඇය එම නිවැ­සි­යන්ට පව­සන්නෙ සමා­ජයේ වැද­ගත් අය හඳු­නන බවත්, ධන­වත් කාන්තා­වක බවත්, තම පවුලේ ප්‍රශ්න මත නිවෙ­සින් බැහැ­රව වෙසෙන බවත්ය. ඒ අනුව නිවෙස් හිමි­යන් සමඟ කුළු­පග වන සෙනිලා කාම­රයේ කුලිය ලෙස වැඩි­පුර මුද­ලක්ද ගෙවයි. ඉන් තමා ධන­වත් බව පෙන්වයි. අන­තු­රුව වැඩි මිත්‍ර­ත්ව­යක් ඇති කර­ගනී.

ඇය හොර ජාවා­ර­මට අර අඳින්නේ මුලින්ම නිවෙස් හිමි­යන් ද ඊට සම්බන්ධ කර­ග­නි­මිනි. ඒ අනුව සෙනිලා නිවෙස් හිමි­යන්ට පව­සන්නෙ පවුලේ අයට කැන­ඩාවේ සබ­ඳතා තිබෙන බවත්, ඒ නිසා අවශ්‍ය නම් කෙනෙ­කුව රැකි­යා­වක් සඳහා කැන­ඩා­වට යැවී­මට හැකි බවත්ය.

පසුව නිවෙස් හිමි­යන් මඟින් අවට ගම්වැ­සි­යන් ද රවටා මේ වංචා­වට හසු කර­ගනී. කෙනෙ­කු­ගෙන් මූලි­කව රුපි­යල් ලක්ෂ තුනත් පහත් අතර මුද­ලක් ලබා­ගන්නා ඇය සියලු ගනු­දෙනු කර තිබුණේ නිවෙස් හිමි­යන් මාර්ග­යෙනි. ඊට අම­ත­රව රට යෑමට කැමැති අයට සෙනිලා නිවෙස් හිමි­යන් මඟින් දැනුම් දී තිබුණේ රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් නව බැංකු ගිණු­මක තැන්ප­ත්කොට එම බැංකු පොත සහ ඊට අදාළ ඒටී­එම් කාඩ්ප­තත්, එහි රහස්‍ය අංකය ඇතු­ළත් බැංකු ලිපි­යත් ඇයට ලබා දෙන ලෙසය. ඒ කැනඩා ගමනේ ඉදිරි වැඩ­ක­ට­යුතු ඉක්මන් කර­ගැ­නී­මට බව පව­ස­මිනි.

මේ ආකා­ර­යෙන් අහිං­සක ජනයා මුළා කළ ඇය අත්අ­ඩං­ගු­වට පත්වී­මට පෙර නැවතී සිට තිබුණේ වීර මාවත, පැර­කුම් පෙදෙස, කල­ල්ගොඩ, පන්නි­පි­ටිය නමැති ලිපි­න­යේය. එම ලිපි­නයේ සිටි සමයේ සෙනිලා මුළා කළ පිරිසේ පනස් දෙදෙ­නෙකු විසින් ඇය පිළි­බ­ඳව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කර තිබිණි. ඇය විසින් එම පනස් දෙදෙ­නා­ටම පසු­ගිය 14 වැනි දා කැනඩා තානා­පති කාර්යා­ල­යට පැමි­ණෙ­න්නැයි පවසා තිබුණේ වීසා ලබා ගැනී­මට සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කට මුහුණ දීම­ටය. එහෙත් එම පිරිස හොර ජාවා­ර­ම්කා­රි­ය­කට හසුවී ඇති බවට ඒත්තු ගොස් තිබුණේ සෙනිලා පිරිස මඟ හැර පලා ගොස් ඇති බවට දැන­ගත් විටය.

ඒ අනුව මුලින්ම පරී­ක්ෂණ නිල­ධා­රීන් විසින් පන්නි­පි­ටියේ ඇයට නවා­තැන් දුන් යුවළ පසු­ගිය 14 වැනි දාම අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. සෙනිලා රණාල නිවෙසේ දී අත්අ­ඩං­ගු­වට පත් වන විට ඇය සන්ත­කයේ විදේශ ගමන් බල­පත්‍ර 72ක්, බැංකු පොත් 50ක්, ඒටී­එම් කාඩ්පත් 50ක් සහ ඊට අදාළ රහස්‍ය අංක ලිපි 39ක්, ජංගම දුර­ක­ථන හතක්,රුපි­යල් ලක්ෂ 26ක් පමණ වටිනා ග්‍රෑම් 350ක් බරැති රන් ආභ­රණ, මුදල් තොග­යක් සහ නවීන හයි­බ්‍රිඩ් මෝටර් රථ­යක්ද හමු­විණි.

අමා ජය­වීර, පූර්ණිමා, පාරමී, හංසි, හර්ෂදි බෝගො­ල්ලා­ගම ආදි විවිධ ව්‍යාජ නම්ව­ලින් පෙනී සිටි සෙනි­ලාට ගම්පහ, නුගේ­ගොඩ ඇතුළු අධි­ක­රණ කීප­ය­කම නඩු පවතී. මේ ජාවා­ර­මට සබැ­ඳිව අත්අ­ඩං­ගු­වට ගැනී­මට සිටින තවත් ජන­ප්‍රිය පුද්ග­ල­යකු වන කලක් කාය­ව­ර්ධන උප­දේ­ශ­ක­යකු සහ චිත්‍ර­පට සටන් නළු­වකු ලෙස පෙනී සිටි අයෙකු රටින් පැන ගොස් සිටින බවට වාර්තා වේ. මාලබේ, තලා­හේන පදිං­චි­ක­රු­වකු වන ඔහුද නුදු­රේ­දීම අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත බව පොලී­සිය සඳ­හන් කරයි. එසේම මේ හොර ජාවා­ර­ම්කාර කාන්තා­වට හසුවූ තවත් පුද්ග­ල­යන් වෙත්නම් ළඟම තිබෙන පොලී­සි­යට ඒ ගැන දන්ව­න්නැයි ඉල්ලී­මක්ද කෙරේ.

Comments