නිවන් මඟට බැසගන්න පුළු­වන් ක්‍රම­වේද කිහි­ප­යක් ති‍ෙබ­නවා | සිළුමිණ

නිවන් මඟට බැසගන්න පුළු­වන් ක්‍රම­වේද කිහි­ප­යක් ති‍ෙබ­නවා

අද අප කතා කර­න්න යෙදෙන්නේ ඉතා වටිනා සූත්‍ර දේශ­නා­වක් පිළි­බ­ඳ­වයි. මේ සූත්‍ර දේශ­නාව සඳ­හන් වෙලා තියෙන්නේ අංගු­ත්තර නිකායේ පංචක නිපා­තයේ. මේ දේශ­නාව හඳු­න්වන්නේ විමුක්තා යතන සූත්‍රය කිය­ලයි. ‍විමුක්තායතන කියල කියන්නේ නිවන් දොරටු තිස් එකයි සසර දුකින් සසර දුකින් එතෙර වීමට උප­කාර වන මාර්ගය කියන එකයි; මේ නමින් හඳු­න්වනු ලබන්නේ. ගඟ­කට බැස ගැනී­මට තොටු­පළ­වල් කිහි­ප­යක් තියෙ­න­වා‍ ­ව­ගේම; නිවන් මඟට බැස ගන්න පුළු­වන් ක්‍රම­වේද කිහි­ප­යක් තියෙ­නවා. ඒ පිළි­බ­ඳ­වයි මේ සූත්‍ර­යෙන් හඳු­න්වනු ලබන්නේ. බුදු­ර­ජා­ණන් වහන්සේ ‍ ‍දේශනා කර­න්නට යෙදුණා මහ­ණෙනි නිවන් දොරටු පහක් තියෙ­නවා. යම් කිසි බුද්ධ ශ්‍රාව­ක­යෙක් සිහි­යෙන් යුතුව කෙලෙස් තවන වීර්යෙන් යුතුව නිව­නට මෙහෙ­යවන ලද සිත් ඇතිව වාසය කර­නවා නම් කෙලෙ­සු­න්ගෙන් නිද­හස් නොවුණා වූ සිත කෙලෙ­සු­න්ගෙන් නිද­හස් කර­ගැ­නී­මට ‍මේ නිවන් දොරටු පහ උප­කාරී වෙනවා. ක්ෂය නොක­රන ලද කෙලෙස් ක්ෂය කිරීම පිණිස මේ නිවන් දොරටු පහ උප­කාර වෙනවා. නොපැ­මි­ණි­යාවූ මාර්ග ඵල අවබෝධ කර­ගැ­නී­මට මේ නිවන් දොරටු පහ උප­යෝගි වෙන බව බුදු රජා­ණන් වහන්සේ දේශනාකර වදාළා.

සාමු­ක්ඛ­න්තික දේශ­නාව

පළමු වැනි නිවන් දොර­ටුව ධර්ම දේශනා පැවැ­ත්වීම. එයින් හඳු­න්වන්නේ යම් කිසි කෙනෙක් වෙන කෙන­කුට ධර්ම දේශ­නා­වක් පව­ත්වන අතර ඔහු තමන් කියන ධර්ම දේශ­නා­වෙහි අර්ථය දැන ගන්නවා; එනම් වච­න­යක් වච­න­යක් පාසා තේරුම දැන ගැනී­මයි‍. එප­ම­ණක් නොවෙයි වච­න­යක් වච­න­යක් පාසා අට්ඨ කතාව දැන­ගැ­නී­මයි. අට්ඨ කතාව කියන්නේ අර්ථ කතා­වයි; අර්ථ කතාව තව­දු­ර­ටත් විස්තර කළොත් තථා­ග­ත­යන් වහන්සේ වසර හත­ළිස් පහක් ධර්මය ‍දේශනා කළා. ඒ ධර්මය දේශනා කිරීමේ දී මාතෘ­කාව විදි­හට සුත්‍ර දේශ­නා­වක් සද­හන් කළා, කියලා එහි සඳ­හන් වෙනවා. ත්‍රිපි­ට­කයේ සඳ­හන් වෙන්නේ මාතෘ­කා­වල සූත්‍ර දේශනා විත­රයි. පැය දෙහා­මා­රක් එම සූත්‍රය දේශනා කර­මින් විස්තර කරන ලද කරුණු එහි සඳ­හන් වෙන්නේ නැහැ. ඒ විස්තර කරන ලද දෙය සඳ­හන් වන්නේ සාමු­ක්ඛ­න්තික දේශ­නාව කියලා. ඒ දේශ­නාව පිළි­බ­ඳව දන්නේ බුදු­ර­ජා­ණන් වහන්සේ ගේ ශ්‍රව­ක­යන් අතර ඉන්න සිව් පිළි­සි­ඳියා පත් මහ රහ­ත­න් ව­හන්සේ ලා පම­ණයි තථා­ග­ත­යන් වහ­න්සේලා පිරි­නි­වන් පාලා මාස තුන­කින් පසුව පළමු ධර්ම සංඝා­ය­නාව පව­ත්ව­න්නට යෙදුණා. එහි මුල­සු­න­ගෙන කට­යුතු කළේ මහ කාශ්‍යප මහ රහ­ත­න් ව­හ­න්සේයි. උන්ව­හන්සේ ධර්ම විනය සංගා­ය­නාව පවත්වා අව­සන් වෙලා, බොහෝම වටින ප්‍රකා­ශ­යක් කළා; අනා­ග­තයේ මේ සූත්‍ර දේශනාව ලෙස විනය දේශ­නා­ව­ලට එක එක්කෙනා එක් එක් අර්ථ කථන ඉදි­රි­පත් කර­න්න පුළු­වන්; ඒ විදි­හට එක් එක්කෙනා එක එක්කෙ­නාගේ පෞද්ග­ලික මත­වාද පෞද්ග­ලික ව ත්‍රිපි­ට­කය විග්‍රහ කර­න්නට ගියොත් ශාස­නය විනාස වෙනවා. එසේ සාස­නය වෙනස් වීම නැවැ­ත්වීම නැවැ­ත්විය යුතුයි. මේ නව­ත්ව­න්නට නම් බුදු රජා­ණන් වහ­නසේ විස්තර කළ පරි­දිම ත්‍රිපි­ට­කය විස්තර කරන ක්‍රම­වේ­ද­යක් සකස් කළ යුතුයි කියල සඳ­හන් කළා.

ධර්මය අවබෝධ කර­ගැ­නී­ම

පළමු ධර්ම සංගා­ය­නා­වට සහ­භාගි වුණ පන්සි­ය­යක් මහ රහ­තන් වහ­න්සේලා සිව් පිළි­සි­ඹියා­පත් මහ රහ­තන් වහ­න්සේ­ලායි. එ් නිසා ‍උන්වහ­න්සේලා දන්නවා බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ සාමු­ක්ඛන්තික දේශ­නාව. ඒ නිසා සාමු­ක්ඛ­න්තික දේශ­නා­වෙන් අර­ගෙන උන්ව­හ­න්සේලා අවශ්‍ය ධර්ම කරුණු ටික විත­රක් සංගා­යනා කර­න්නට යෙදුණා. ඒ කරුණු තමයි අට්ඨ කතා කියලා කියන්නේ. හැම සුත්‍ර­ය­කට ම වගේ අට්ඨ කථා­වක් තියෙ­නවා. අට්ඨ කථා වලට නම් අටුවා සඳ­හන් කරලා නැහැ. එසේ නම් ධර්ම දේශ­ක­යන් වහන්සේ කෙනෙක් අටු­වාව දැන­ගෙන, ධර්ම දේශ­නාවේ ඇති අට්ඨ කථාව අර­ගෙන ධර්මය දේශනා කර­නවා නම්, මේ ධර්මය අව­බෝධ කර­ගන්න හේතු­වක් බවට පත්වෙන්න පුළු­වන්. ඔබට ‍හිතෙන්න පුළු­වන් ඔබට මේ නිවන් දොර­ටු­වට ‍මෙය උප­කාර වෙන එකක් නැහැ කියලා. ඇත්තට ම ඔබට සුත්‍ර දේශ­නා­වක් කිය­වන්න පුළු­වන් නම් අට්ඨ කථා සහි­තව, එය ධර්මය අවබෝධ කර­ගැ­නී­මට උප­කාරි වෙනවා. එසේ නම් ධර්ම දේශ­ක­යන් වහන්සේ අටු­වාව දැන­ග­නි­මින් ධර්ම දේශ­නාව කළ යුතුයි. ඒ විත­රක් නොවෙයි දේශ­ක­යන් වහන්සේ ධර්මය දැන­ගෙන ධර්මය දේශනා කළ යුතුයි. ධර්ම­ය‍ ­කි­යලා එතැ­නදි සඳ­හන් කරන්නේ ත්‍රිපි­ට­කය පිළි­බ­ඳ­වයි. මුළු ත්‍රිපි­ට­කය ම පාඩම් නැති වුවත් මුළු ත්‍රිපි­ට­කය ම ඉගෙ­න­ගෙන නැති වුණත් තමන් ‍කරන සුත්‍ර දේශ­නාව පිළි­බ­ඳව හොඳ දැනු­මක් බුද්ධ ශ්‍රව­ක­යාට තිබිය යුතුයි. මේ ආකා­ර­යට අර්ථය දැන­ගෙන අර්ථය හෙවත් අට්ඨ කතාව දැන­ගෙන ධර්මය හෙවත් ‍දේශනා කරන සූත්‍ර දේශ­නාව පිළි­බ­ඳව අව­බෝධ කර­ගෙන ධර්මය දේශනා කරන කොට ප්‍රමෝදය ඇති ‍වෙනවා. එනම් මුලින් ම ඇති වන ප්‍රීති­යයි; එනම් ප්‍රීතියේ මුල් අව­ස්ථා­වයි. එය ළදරු ප්‍රීතිය කියන නමින් ද හඳු­න්වනු ලබ­නවා. ප්‍රමෝ­දය නිසා ප්‍රීතිය උප­දි­නවා; මෙහි ප්‍රීතිය කියලා කියන්නේ කෙලෙස් සහිත රූප­යක්. ගන්ධ­යක්, ස්පර්ශ­යක් නිසා ඇති ‍ෙවන ප්‍රිතිය නොවෙයි මෙහිදී ප්‍රීතිය කියලා කියන්නේ; ධර්මය නිසා උප­දින ධර්ම ප්‍රිති­යයි; නිරා­මිස ප්‍රීති­යයි. නිරා­මිස ප්‍රීතිය නිසා සැහැල්ලු බවට පත් වෙනවා. සැහැල්ලු කයක් ඇති තැනැ­ත්තාට කායි­කව සැපය දැනෙ­නවා. සැපසේ සිත සමා­ධි­ගත වෙනවා. මෙයයි පළමු වැනි විමුක්තා යථ­නය; එනම් නිවන් දොර­ටුව. අපි කවු­රුත් අහලා තියෙ­නවා මලි­ය­දේව මහ­ර­හ­තන් වහන්සේ ගැන. උන්ව­හන්සේ ධර්ම දේශනා කර­මින් සිටින අත­ර­තුර, තමන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ අර්ථය මෙනෙහි කොට, ඒ තුළින් ප්‍රීතිය උප­ද­වා­ගෙන ප්‍රිතිය නිසා කයත් සැහැල්ලු වී මන­සත් සැහැ­ල්ලුවී සිත සුවසේ සමා­ධි­ගත වී මාර්ග ඵල අව­බෝධ කර­ගත්තා. උන් වහ­න්සේට මාර්ග ඵල අව­බෝධ කර­ගැ­නී­මට හැකි වුණේ බුද්ධ ‍‍දේශනාවේ තිබෙන විමුක්තායථ­නය නිසයි. දෙවැනි විමුක්තායථ­නය කියලා හඳු­න්වන්නේ ධර්ම ශ්‍රව­ණය කිරීම; පොත පත කිය­වීම; ධර්ම ශ්‍රව­ණය කිරි­මයි. එයින් හඳු­න්වනු ලබන්නේ යම් කිසි දේශ­ක­යන් වහන්සේ නමක් විසින් ත්‍රිපි­ට­කය සහි­තව අටු­වාව සහි­තව ධර්මය දේශ­නා­වක් සිදු කර­නවා නම් එ් අව­ස්ථා­වේදි බණ අසන ශ්‍රව­කයා ඒ ධර්ම ‍දේශනා­වට ඉතා­මත් ශ්‍රද්ධා­වෙන්, ගෞර­ව­යෙන් සවන් පත් යොමු කළ යුතුයි. ඒ ධර්ම­යට සවන් පත් යොමු කළ­ යුතු ආකා­ර­යත් ඒ ධර්මයේ සඳ­හන් කරලා තිය­නවා. බණ අහන අව­ස්ථා­වේදි අට්ඨි­කත්වා එනම් වච­න­යක් වච­න­යක් ගානේ අර්ථය දැන ගැනී­මෙන් ධර්මය ශ්‍රව­ණය කළ යුතුයි. මන­සි­කත්වා කියන්නේ මෙනෙහි කිරී­මෙන් ධර්මය ශ්‍රව­ණය කළ යුතුයි; එනම් මත­කයේ තබා­ගැ­නීම හෙවත් සිහියේ තබා ගනි­මින් ධර්මය ශ්‍රව­ණය කළ යුතුයි. ඒ වගේම බණ අහන වෙලා­වේදි අන් සියලු සිතු­විලි පැත්ත­කට දාලා ධර්ම දේශ­නා­ව­ටම අව­ධා­නය යොමු­ක­ර­මින් ධර්මය ශ්‍රව­ණය කර­න්නට ඕන. ඒ විදි­හට බණ අහන විට ඒ තැනැ­ත්තාට අර්ථය වැට­හෙ­නවා.

කෙලෙස් සහිත රූප­යක්, ගන්ධ­යක්, ස්පර්ශ­යක්

අර්ථය කියලා සඳ­හන් ක‍රන්නේ වච­න­යක් ගානේ තථා­ග­ත­යන් වහන්සේ විස්තර කළ­ යුතු ආකා­ර­යයි. එසේ නැති නම් අට්ඨ­ක­ථාවේ ඒ වචන පැහැ­දිලි කරල තියන ආකා­රය ඒ තැනැ­ත්තාට වැට­හෙ­නවා; ධර්මය වැට­හෙ­නවා; ධර්මය වැට­හෙ­නවා කියන්නේ ත්‍රිපි­ටක ධර්ම වැට­හෙ­නවා කියන අද­හ­සයි‍. එසේ බණ අහන කොට අර්ථ වැට­හී­මත් ධර්ම වැට­හී­මත් හේතු කර­ගෙන ඒ තැනැ­ත්තාට ළදරු ප්‍රිය හට ගන්නවා. ප්‍රීතිය හට ගැනීම නිසා කායික මාන­සික සද්ස­ද්ධිය හට ගන්නවා. කායික මාන­සික සද්ස­ද්ධිය ඇති තැනැත්තා සුවසේ සමා­ධි­ගත වෙනවා. එසේ නම් ධර්මය ශ්‍රව­ණය කිරීම දෙවැනි ‍නිවන් දොර­ටු­වයි.

අපි කවු­රුත් දන්නවා, පංච­ව­ග්ගිය ස්වාමීන් වහ­න්සේලා මහ රහ­ත්වීම දක්වා සිත දියුණු කළේ ධර්මය ශ්‍රව­ණය කිරී­මෙ­නුයි. තථා­ග­ත­යන් වහන්සේ වැඩ සිටින කාල­යේදී සමා­ගම් 24කදි අසං­ඛෙය්‍ය අසං‍ඛෙය්‍ය බැගින් සත්ත්ව­යන් මාර්ග ඵල අව­බෝධ කර­ගෙන තිබෙ­නවා. ඒ අවස්ථා විසි­හ­තර හඳු­න්වනු ලබන්නේ සුවි­සි­ධර්ම සමා­ගම නමි­නුයි. අසං­ඛෙය්‍ය කියන්නේ එකයි බින්දු එක­සිය හත­ළි­හ­ක­ටයි. කෙන­කුට හිතෙන්න පුළු­වන් ධර්මය අව­බෝධ කර­ගන්න එච්චර මිනි­සුන් ලෝකයේ කොහෙද ඉන්නෙ කියලා. ධර්මය අව­බෝධ කර­ගත්ත දෙව් ලොව සිටින දෙවි­ව­රුන්, මිනි­සුන් අතර ධර්මය අව­බෝධ කර­ගත්තේ ඉතාම සුළු­සේසුළු පිරි­සක් පම­ණයි. ඒ පිරිස දහස් ගණ­න­කින් කොටි ගණ­න­කින් යුක්තයි. මෙසේ අන්න ඒ ආකා­ර­යට අවස්ථා කිහි­ප­යක අසං­ඛෙය්‍ය අසං­ඛෙය්‍ය ආකා­ර­යට ධර්මය අව­බෝධ කර­ගත්තා ධර්ම ශ්‍රව­ණය කර­ගැ­නී­මෙන්ම. ඒ අසංඛ්‍යෙය විසි හත­රට අම­ත­රව තථා­ග­ත­යන් වහන්සේ ජීව­මාන කාලයේ ටික ‍ටික දෙනා අව­බෝධ කර­ගත්ත ‍පිරිස ගත්තාම තවත් අසං­ඛ්‍යෙ­යක් වනවා. මේ ආකා­ර­යට ධර්ම දොර­ටු­වත් විමුක්තායත­න­යක් කියලා බුදු රජා­ණන් වහන්සේ දේශනා කළා. තුන්වන විමුක්තායත­නය තමයි ධර්මය විස්තර වශ­යෙන් සංගා­යනා කිරීම. තමන් විසින් ධර්මය සංගා­යනා කිරී­මට නම් පළ­මුව අට්ඨ කථා­වක් සහි­තව, සූත්‍ර දේශ­නා­වක් සහි­තව අභි­ධර්ම දේශනා ඉගෙන ගත යුතුයි. තමන් ඉගෙන ගෙන තියෙන සූත්‍ර දේශ­නාව වච­න­යක් වච­න­යක් පාසා අට්ඨ­ක­ථාව දැන­ගෙන අර්ථ දැන­ගෙන සත් ගායනා කළ යුතු වෙනවා. එසේ සද්ගා­යනා කරන විට වච­න­යක් වච­න­යක් පාසා අටුවා වැට­හී­මත් ත්‍රිපි­ටක ධර්මය වැට­හී­මත් නිසා ප්‍රමෝදය උප­දි­නවා.

ප්‍රමෝ­දය නිසා ප්‍රීතිය

ප්‍රමෝ­දය නිසා ප්‍රීතිය; ප්‍රීති නිසා සැපය; සැපය නිසා සමා­ධිය ඇති වෙනවා. මේ තමයි තුන්වන නිවන් දොර­ටුව කියලා සර්ව­ඥ­යන් වහන්සේ දේශනා කළා. එයින් අපිට පැහැ­දි­ලිව පේනවා ධර්මය සංගා­යනා කිරීම නිවන් දකි­න්නට හේතු වෙනවා කියලා. අතී­තයේ භාවනා ඉගෙන ගත්ත සම­හර පින්ව­තුන් භාවනා කම­ට­හන් ඉගෙන ගෙන මාස හත­රක් පමණ පුළු­වන් පුළු­වන් වෙලා­වට සංගා­යනා කළ බව අපේ අට්ඨ කථාවල සඳ­හන් වෙලා තියෙ­නවා. අදට වුණත් පින්ව­තුන් භාවනා ක්‍රම­යක් ඉගන ගත්තම ඒ භාවනා ක්‍රමය කලක් හොඳින් ගෞර­ව­යෙන් සද්ධා­වෙන් සංගා­යනා කරන්න. එසේ සංගා­යනා කිරී­මත් අනා­ග‍ත­යේදී ඒ භාව­නාව වැඩී­මට මහත් සේ උප­කාර වන බව බුද්ධ දේශ­නාවේ හැඳි­න්වෙ­නවා. ඒ නිසා ගෞර­ව­ය­කින්, ආද­ර­ය­කින් ධර්මය ශ්‍රව­ණය කළ යුතුයි.

Comments