ගෝන­දූවේ ගුණා­නන්ද හිමියෝ බස්නා­හිර පළාතේ ප්‍රධාන සංඝ­නා­යක ධුර­යට | සිළුමිණ

ගෝන­දූවේ ගුණා­නන්ද හිමියෝ බස්නා­හිර පළාතේ ප්‍රධාන සංඝ­නා­යක ධුර­යට

වාද්දුව කොරො­ස්දූව පුරාණ මහා විහා­රය හා බණ්ඩා­ර­ගම කිම්ම­න්තු­ඩාව දීපා­රාම මහා විහා­රය යන උභය විහා­රා­ධි­පති ගෝන­දූවේ ගුණා­නන්ද හිමි­යන් වෙත 'සිරි මහා­වි­හාර වංශා­ලං­කාර සද්ධර්ම වාගී­ෂ්ව­රා­චාර්ය ශ්‍රී සුම­න­තිස්ස' යන ගෞරව නාමය සහි­තව බස්නා­හිර පළාතේ ප්‍රධාන සංඝ­නා­යක ධුරය පිරි­නමා ඇත. ඒ මහා­වි­හාර වංශික ශ්‍යාමෝ­පාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අති­පූජ්‍ය මහා­නා­යක හිමි­යන් ප්‍රමුඛ විංස­ත්වා­ර්ගික කාරක මහා සංඝ සභාව විසිනි.

කළු­තර උතුරු ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ලේඛ­කා­ධි­කාරී හා කළු­තර දිස්ත්‍රික් ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ සභා­පති වශ­යෙන් පුරා වසර හත­ළි­හක් සහ සමස්ත ලංකා ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ප්‍රධාන ලේඛ­කා­ධි­කාරී ධුරය වසර 2002 සිට අද දක්වා උසු­ල­මින් උන්ව­හන්සේ ශාස­නික ජාතික හා අධ්‍යා­ප­නික වශ­යෙන් සුවි­ශාල සේවා­වක් සිදු කරති. ජනා­ධි­පති බෞද්ධ උප­දේ­ශක මණ්ඩ­ලයේ බුද්ධ­ශා­සන අමා­ත්‍යාං­ශයේ උප­දේ­ශක මණ්ඩ­ලයේ, ත්‍රිපි­ටක සංර­ක්ෂණ මණ්ඩ­ලයේ, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ බෞද්ධ උප­දේ­ශක මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යකු වශ­යෙන් පත් කර ඇති උන්ව­හන්සේ සුවි­ශේෂ වශ­යෙන් දහම් පාසල් අධ්‍යා­ප­නයේ උන්න­තිය උදෙසා විශිෂ්ට සේවා­වක් සිදු කර ඇත. උන්ව­හ­න්සේට සිය සංඝ­නා­යක ධුර­යට අදාළ පත්වීම් ලිපිය මල්වතු පාර්ශ්වයේ අති­ගරු මහා­නා­යක හිමි­යන් අතින් පසු­ගිය 22 වැනි මහ­නු­වර මල්වතු විහා­ර­යේදී ප්‍රදා­නය කරන ලදී.

Comments