
මහනුවර හා කොළඹ ඇතුළු නගරවල වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.
එම සරසවියේ විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල මේ බව පැවසුවේ, පේරාදෙණිය විශ්වවිදයාලයේ විද්‍යා පීඨයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මේ අතර පසුගිය සති දෙක තුළ රාත්‍රි කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, පස්වරුවේ ඇදහැලෙන වර්ෂාව මෙලෙස වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය යළි සාමාන්‍ය අගයකට පත්වීමට හේතුවී ඇති බවයි.
මේ වන විට එහි අගය ඒකක 40 – 60 ප්‍රමාණයක පවතින බව ද ඔහු පැවසීය.
ගත වූ සති දෙකක කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය පැවතුණේ ඒකක 100 – 150 අහිතකර තත්ත්වයකයි.